සිරකරුවන් 933කට ජනාධිපති සමාව

කාන්තා රැඳවියන් ද ඇතුලු සිරකරුවන් 933 දෙනෙකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබෙනවා.

පසුගිය 12 වන දිනට යෙදී තිබූ 25 වන ජාතික සිරකරු දිනය දිනය වෙනුවෙනුයි මෙම සමාව පිරිනමා ඇත්තේ.

ඒ ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව, පහත සඳහන් නියමයන් හා කොන්දේසි මතයි සිරකරුවන් සඳහා මෙම පොදු සමාව ප්‍රදානය කර ඇත්තේ.

  • 2023.09.12 දින වන විට බන්ධනාගාර ගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද (ගතකරන ලද) වසරකට හෝ ඉන් කොටසකට මාස 01ක සමාවක් ලබා දීම.
  • දඩ මුදල් නොගෙවීම නිසා 2023.09.12 දින වන විට බන්ධනාගාර ගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.
  • 2023.09.12 වන දින වන විට නියම කර ඇති සිර දඩුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිර කරුවන්ගේ දඩු‍වමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.
  • 2023.09.12 වන දින විට වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවමක් නියම කර, එම දඩුවමෙන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයෙන් දඬුවම් නියමකල දිනයේ සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.
  • 2023.09.12 දින වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් වරද කරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම්ද ඇතුලත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියමකර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරණ පනත පරිදි ප්‍රජා විශෝධන නිළධාරියෙකුගේ අධික්ෂණය යටතේ ගත කිරීමට යටත්ව නිදහස් කිරීම.

ඉහත කරුණුවලට අදාළව සුදුසුකම් ලබා ඇති සියලූම සිරකරුවන් හට අතිගරු ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරන විශේෂ රාජ්‍ය සමාව හිමිවනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊට සුදුසුකම් ලැබූ පිරිමි රැඳවියන් 926ක් ද, කාන්තා රැදවියන් 07ක් ද ඇතුලුව 933ක් බන්ධනාගාර ආයතනයන් මගින් නිදහස් කිරීමට නියමිතව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25