සිරකරුවන් 440 කට පොදු සමාව

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිරකරුවන් 440 දෙනෙකුට පොදු සමාව ලබා දී තිබෙනවා.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ඔහුට පැවරී ඇති බලතල අනුවයි.

එලෙස ජනපති පොදු සමාව හිමිවූවන් අතර සිරකාරියන් 06දෙනෙකුද සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්