සිරකරුවන් ගැන විශේෂ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

මෙරට පොලිස් අත්අඩංගුවේ සිටියදී සහ බන්ධනාගාර භාරයේ සිටියදී සිදුවන පුද්ගල ඝාතන සම්බන්ධයෙන් සැකසූ විශේෂ වාර්තාවක්, සිරකරු අයිතිවාසිකම් කමිටුව විසින් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට භාර දී තිබෙනවා.

මෙම වාර්තාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද භාර දුන් බවයි සිරකරු අයිතිවාසිකම් කමිටුව සදහන් කළේ.

ශ්‍රී ලංකාවේ පොලිස් භාරයේ සිටියදී සහ බන්ධනාගාර භාරයේ සිටියදී සිදුවන සැකකරුවන් ඝාතනය පසුගිය වසර කිහිපයේදී සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව සිරකරු අයිතිවාසිකම් කමිටුව සිය වාර්තාව මගින් පෙන්වා දෙනවා.

2020 වසරේ ජනවාරි මාසයේ සිට 2023 වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ මානව හිමිකම් කවුන්සිලයටද වාර්තා වී ඇති එවැනි මරණ 24ක් සහ පොලිසිය සම්බන්ධ ගැටුම් මරණ 13ක් පිළිබඳ තොරතුරු අදාළ වාර්තාව මගින් අනාවරණය කරනවා.

2023 වසරේ ජනවාරි 10 වැනි දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය ඒ.ජී.එස්. ප්‍රීති කුමාර මහතාගේ මරණය සහ තම හාම්පුතාට අයත් රන් ආභරණ සොරකම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය ආර්. රාජ්කුමාරිගේ මරණ සම්බන්ධයෙන් දීර්ඝ විවරණයක් මෙම වාර්තාව මගින් සපයා තිබෙනවා.

ඔවුන්ගේ මරණ සම්බන්ධයෙන් පොලීසිය ගෙනහැර පෑ කරුණු සහ මරණ පරීක්ෂණවලදී මෙන්ම අධිකරණයේදී තහවුරු වූ කරුණු අතර පරස්පරතා ගෙනහැර දක්වන අදාළ වාර්තාව, මෙවැනි මරණ වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිනවා.

ඒ සඳහා නිර්දේශ මාලාවක් මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත් ඉදිරිපත් කරන ලෙසත් සිරකරු අයිතිවාසිකම් කමිටුව ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58