සිය වැනි වතාවටත් ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් ජාතික සංචාරකයා

ජර්මන් ජාතික සංචාරකයකු වන ජෝර්ජ් සීලන් (72) මහතා සියවැනි වතාවටත් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ තිබෙනවා.

සිංහල භාෂාව කතා කළ හැකි ජෝර්ජ් සීලන් මහතා පළමු වරට 1971 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 19 හැවිරිදි තරුණයෙකුව සිටියදී යි.

අනතුරුව සෑම වසරකම පාහේ ඔහු සංචාරය කිරිම සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

අවිවාහකයකු වන ජෝර්ජ් සීලන් මහතා වැඩිහිටි නිවාසයක සහ ජර්මන් හමුදාවේ රැකියාවක නිරතව සිට ඇති අතර මේ වනවිට ඔහු විශ්‍රාම සුවයෙන් පසු වනවා.

ජෝර්ජ් සීලන් මහතා සිය අත්දැකිම් විස්තර කළේ මෙලෙසින්…

“මම 1971 වර්ෂයේ මුලින්ම ලංකාවට ආවේ ගොඩබිම් මාර්ගයෙන්. ජර්මනියේ ඉදලා යුගොස්ලියාව, බල්ගෙරියා, රුමේනියාව, ශ්‍රිසිය, තුර්කිය යන රටවල් හරහා දුම්රියෙන් හා බස්රථ වලින් ඉරාන දේශ සීමාවට ආවා. ඉන්පසු ඇෆ්ගස්ථානය හරහා පාකිස්ථානයට ආවා. ඉන්දියායවට ඇවිත් දුම්රියෙන් රාමේෂ්වරම්වලට ආවා. රාමේෂ්වරම්වල ඉඳලා බෝට්ටුවකින් තලෙයිමන්නාරමට ආවා. ජර්මනියේ ඉඳලා ගොඩබිම් මාර්ග හරහා ලංකාවට එන්න මාස පහක් විතර ගියා. පසුව කොළඹ නගරයට ආවා. ඒ කාලයේ ලංකාව හැදින්වුයේ සිලොන් කියලා. මම පළමුවරට ලංකාවට එනවිට ජ.වි.පෙ කලබල. නමුත් මට කිසි ප්‍රශ්නයක් ඇතිවුනේ නැහැ. ලංකාවේ මාසයක් විතර හිටියා. නමුත් දකුණු පළාතට පොලිසියෙන් එන්න දුන්නේ නැහැ. ඉන්දියාවට යන්න කිවා. නැවත ආපු ගමන් මාර්ගය හරහා ජර්මනියට ගියා. ඉන්දියාවේ සමාජ සේවා ආයතනයක වසර 02ක් වැඩ කළා. එහිදි තේරෙසා මව්තුමිය හමුවිමට අවස්ථාව ලැබුණා. නැවත 1973 වර්ෂයේ දී තමයි ලංකාවට ආවේ. ඒ කාලයේ අපිට ලංකාවේ මිනිස්සු කිවේ හිපියෝ කියලා. මට හික්කඩුවේ දි ගාමිණි මහතා හඳුනා ගැනීමට හැකි වුණා. ඒ මිතුදමට දැන් වසර 50ක් වෙනවා.”

“ගාමිණි මහතාගේ දරුවන් තමයි මට සිංහල ඉගැන්වුවේ. ඒ දරුවන් මට සිංහල හෝඩිය කියලා දුන්නා. දැන් ඒ අය විවාහවෙලා. විවාහ මංගල උත්සවවලට මම ආවා. සිංහල ටිකක් ලිවීමටත් පුළුවන්. 71 වර්ෂයේ ලංකාවට එනවිට දුම්රියෙන්, බස්රථයෙන් ගමන් බිමන් යනවිට අපිට සිංහල මිනිස්සු අසුන් පවා ලබා දුන්නා. දැන් නම් එහෙම නැහැ. ලංකාවේ මිනිස්සු ප්‍රියමනාපයි. ආගන්තුක සත්කාරක අතින් ඉතා හොදයි. ඒ කාලයේ මම දුම්පානය සහ මත්පැන් පානය කළා. නමුත් දැන් ඒ සියල්ල නතර කරලා තියෙන්නේ. කිරි බත්වලට හා කට්ට සම්බල්වලට, ඉදි ආප්ප, කිරි හොදි පොල්සම්බල් හා කැවුම්, පැණි වළලු යන සිංහල ආහාරවලට මම ගොඩක් කැමතියි. මට හොදට උයන්නත් පුළුවන්. ලංකාව හරිම ලස්සන රටක්. පෞරාණික ස්ථාන නැරඹීමට තමයි මම ගොඩක් කැමති. ලංකාවට ආපු හැම අවස්ථාවකම අනුරාධුපරය, පොළොන්නරුව, සීගිරිය ආදි ප්‍රදේශවල ඇති පෞරාණික ස්ථාන නැරඹීමට යනවා. ලංකාවේ මාර්ග පද්ධතිය දැන් ගොඩක් දියුණුයි. ඒ කාලයට වඩා ලංකාව විශාල සංවර්ධනයක් ලබලා තියෙනවා. සියවැනි වතාවට ලංකාවට පැමිණිමට ලැබිම ගැන සතුටු වෙනවා. ඇතැම් වර්ෂවල දෙතුන් වතාවක් පමණ ලංකාවට ආවා. සිංහල අවුරුද්දට ගොඩක් වේලාවට ලංකාවට එනවා.”

සිය වන වතාවටත් ශ්‍රී ලංකාවට පැමිණි ජොර්ජ් සීලන් මහතා පිළිගැනීම ගුවන් තොටුපළේ දී සිදු කර ඇති අතර රුහුණු සංචාරක කාර්යංශයේ සභාපති චන්න සාලිය මෙන්ඩිස් මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් විසින් ජෝර්ජ් සීලන් මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනමා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34