spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිය වසරකට පසු රුසියාව විදෙස් ණය ගෙවීම පැහැර හරියි

සිය වසරකට පසුව පළමුවරට ස්වෛරී බැඳුම්කරයකට අදාළ ගෙවීම් පැහැරහැරීමට රුසියාවට සිදුව තිබෙනවා.

බටහිර සම්බාධක හේතුවෙන් මෙලෙස විදෙස් ණය හිමියන්ට මුදල් ගෙවීමට රුසියාවට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ගෙවීමක් සිදු කිරීමට නියමිතව තිබුණ ද රුසියාවට එය ගෙවා දැමීමට හැකියාව ලැබුනේ නැහැ.

මෙය සැලකෙන්නේ ණයගෙවීම පහර හැරීමක් ලෙසයි.

රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රැසක් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවනු ලැබුවා.

මේ වනවිට රුසියාව තුළ ආර්ථික, මූල්‍ය ගැටලු උත්සන්න වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?