සිය මව්බිමේ දී ම ටෙස්ට් තරගයක පළමු වතාවට අඳුරු මතකයක් ඉන්දීය ක්‍රිකට් වංශ කතාවේ ලියැවෙයි

තරග 03කින් සමන්විත නවසීලන්ත – ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා.

තරගය ඊයේ (16) දින උදෑසන 9.15ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද, බෙංගලාරුවලට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය ම අතහැර දැමීමටයි සිදු වුණේ.

ඒ අනුව අද දිනයේ දී තරගයේ කාසියේ වාසියේ ජය සත්කාරක ඉන්දියාවට හිමිකර දෙමින් ආරම්භ වුණේ ඔවුන් පළමු ඉනිමට පිතිකරණය තෝරා ගැනීමත් සමගින්.

ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ බලාපොරොත්තු සුනුවිසුණු කරමින් කිවි පන්දු බලඇණිය ක්‍රියාත්මක වූ අතර පළමු කඩුලු 03ම ලකුණු 10ක් තුළ බිඳ වැටුණා.

ඉන් පසුව යම්තාක් දුරකට ඉන්දීය පිතිකරුවන් යළිත් සුපුරුදු රිද්මයට පිතිකරණය ඇරඹීමට සූදානම් වුව ද, ලකුණු 21ක සබඳතාවක් ගොඩනගාගෙන සිටි ජයිස්වාල් සහ පාන්ට්ගේ අත්තිවාරමට තිත තැබීමටයි නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණේ.

කවදත් ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ගෙන් බොහෝ දෙනෙක් ලකුණු අතර සිටීම සුලබ කාරණයක් වුව ද, අද තරගයේ දී පිතිකරුවන් 05 දෙනෙකු කිසිදු ලකුණක් නොලබා ම ක්‍රීඩාගාරයට හැරී යන අයුරු දක්නට ලැබුණා.

තම ලකුණු සටහන ඉදිරියෙන් ‘බිංදුව (0)’ ලියාගත් ඉන්දීය පිතිකරුවන් වූයේ නායක රෝහිත් ෂර්මා, විරාට් කෝලි, සර්ෆරාස් ඛාන්, කේ.එල්. රාහුල්, රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින්.

යම්තාක් දුරකට කණ්ඩායමේ ලකුණු පුවරුවට මුක්කුවක් ගැසීමට නිරර්ථක උත්සාහයක යෙදුණු රිෂාබ් පාන්ට් ලකුණු 20කට දැවී ගිය අතර ජයිස්වාල් ලකුණු 13කට දැවී ගියා.

ඉන්දීය කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට රිෂාබ් පාන්ට් තරම් හෝ ලකුණු ලබා ගැනීමට නම් නවසීලන්ත වේග පන්දු බලඇණිය ඉඩක් දුන්නේ නැහැ.

කිවි පන්දු බලඇණිය වෙනුවෙන් විශිෂ්ට කඩුලු දඩයමක නිරත වූ මැට් හෙන්රි ලකුණු 15කට කඩුලු 05ක් බිඳ දැමූ අතර විලියම් ඕ’ රෞකි ලකුණු 22කට කඩුලු 04ක් බිඳ හෙලුවා.

ටිම් සවුති එක් කඩුල්ලයි.

ඉන්දීය කණ්ඩායම සිය මව්බිමේ දී පළමු වරට ටෙස්ට් තරගයක දී ලකුණු 50 සීමාවට අඩුවෙන් සියල්ලන් ම දැවී ගිය පළමු අවස්ථාව ලෙස ද අද තරගය ඉතිහාසයට එක් වනවා.

ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරගයක පළමු ඉනිමේ දී සිය උපන් දේශයෙන් එපිට දී දැවී ගොස් ඇති අවම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 36 වන අතර ඒ 2020 දෙසැම්බර් 17 වැනි දින ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිව ඇඩිලේයිඩ් හි පැවති ටෙස්ට් තරගයේ දීයි.

ඉන් පසුව මව්බිමෙන් පිටතදීම ලකුණු 50ට අඩුවෙන් සිය පළමු ඉනිම 1974 වර්ෂයේ දී එංගලන්තය හමුවේ ලෝඩ්ස් හි දී ඉන්දීය කණ්ඩායම දැවී ගියා.

නමුත් ඉන් පසුව අවම ලකුණු සීමාව ලෙස මව්බිමෙන් පිටත ඔවුන් පළමු ඉනිමක දී ලකුණු 50 සීමාව හෝ ඉක්මවා දැවී ගිය ද, ඉතිහාසයේ පළමු වරටයි උපන් දේශයේ දී ම ලකුණු 50ක් හෝ නොමැතිව සිය පළමු ඉනිම ලකුණු 46කට සීමා කරගැනීමට නවසීලන්තයට එරෙහිව ඉන්දීය කණ්ඩායමට සිදු වන්නේ.

එමෙන්ම නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මීට පෙර අවස්ථා ගණනාවක දී ම ඉන්දීය කණ්ඩායමේ ටෙස්ට් ඉනිමක් අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ වැටුණ ද, ලකුණු 50කට අඩුවෙන් නවසීලන්තය හමුවේ දැවී ගිය පළමු අවස්ථාව ද වන්නේ මෙයයි.

මීට පෙර ඉන්දීය කණ්ඩායම සිය මව්බිමේ (දිල්ලි) දී 1987 වර්ෂයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ ලකුණු 75කට දැවී ගොස් තිබෙනවා.

ඉන් පසුව පිළිවෙළින් තම උපන් දේශය තුළදීම ඉන්දීය කණ්ඩායම ප්‍රතිවාදීන් හමුවේ;

දකුණු අප්‍රිකාව හමුවේ අහමදාබාද් හි දී 2008 වර්ෂයේ දී ලකුණු 75කටත්, එංගලන්තය හා නවසීලන්තය හමුවේ පිළිවෙළින් වර්ෂ 1977 දී චෙන්නායි නුවර දීත්, 1999 දී මොහාලි හි දීත් ලකුණු 83කට දැවී ගොස් තිබෙනවා.

හයිද්‍රාබාද් හි දී (ඩෙකෑන්) 1969 වර්ෂයේ දී නවසීලන්තය හමුවේ ලකුණු 89කට දැවී ගිය ඉන්දීය කණ්ඩායම ලකුණු 90කට වර්ෂ 1983 දී ඊඩ්න් ගාඩ්න් හි දී කොදෙව්වන් හමුවේ සියල්ලන්ම දැවී ගොස් තිබෙනවා.

ටෙස්ට් තරගයක දී ඉන්දීය කණ්ඩායම 2006 වර්ෂයේ දී ලකුණු 100කට එංගලන්තය හමුවේත්, 1983 දී අහමදාබාද් හි දී ලකුණු 103කට කොදෙව්වන්ටත්, ලකුණු 104කට ඔස්ට්‍රෙලියාව හමුවේ වන්කඩේ දීත් (2004), 2007 වර්ෂයේ පූනේ හි දී ඔස්ට්‍රෙලියාවට ම එරෙහිව ලකුණු 105කටත් දැවී ගොස් තිබෙන අයුරුයි දක්නට ලැබෙන්නේ.

කෙසේවෙතත් මේ ආදි වශයෙන් වාර්තා පිටු ටෙස්ට් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමේ කළු වී තිබුණ ද, මව්බිමේ දී මෙවන් දරුණු පැල්ලමක් අත් වූ පළමු අවස්ථාව වන්නේ ද නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගාවලියේ දී ඉන්දියාව මුහුණ දුන් පළමු ඉනිමයි.

ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ගොදුරු වූයේ මැට් හෙන්රිගේ පන්දුවක් හමුවේ ජස්ප්‍රිට් බුම්‍රායි.

මේ වනවිට නවසීලන්තය සිය පළමු ඉනිම අරඹා ඇති අතර කිසිවෙකු නොදැවී ඔවුන් ලකුණු 23ක් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52