සියැට් කැලණි ටයර් ව්‍යාපාරයේ 25 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

සියැට් කැලණි ටයර් ව්‍යාපාරයේ 25 වන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත් වුණා.

වසර 25ක ව්‍යාපාරික විශිෂ්ටත්වය සනිටුහන් කරමින් සියැට්-කැලණි ටයර් ව්‍යාපාරය රාජ්‍ය ව්‍යවසායක සිට සාර්ථක පෞද්ගලික ව්‍යාපාරයක් දක්වා පැමිණි විශිෂ්ට ගමන් මග මෙහිදී ප්‍රශංසාත්මකව අගය කළ ජනාධිපතිවරයා එය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට මහඟු ආදර්ශයක් බවයි සඳහන් කළේ.

සියැට්-කැලණි ටයර් ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කිරීම වෙනුවෙන් කැපවූවන් ඇගයීමට ලක්කිරීම ද මෙහිදි සිදු වුණා.

එම අවස්ථාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

කැලණි ටයර් සංස්ථාව පිහිටා තිබුණේ මගේ මැතිවරණ කොට්ඨාසයට අයත් බියගමට යාබද කැලණිය ප්‍රදේශයේයි. මම ඒ වන විට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. කැලණි ටයර් සංස්ථාව කීර්තිනාමයක් අත්කරගෙන තිබු ආයතනයක් වුවත් එය වසා දැමිය යුතු තත්ත්වයට පත්ව තිබුණා.

බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේදී අපට වසරකට කැලණි ටයර් දෙකක් ලැබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ සියලුම වාහන කැලණි පිරිසැකසුම් ටයර් දෙකකින් සහ අලුත් ටයර් දෙකකින් සමන්විත වුණා. මේ අනුව කැලණි ටයර් සමාගම සහ එහි සාම්ප්‍රදායික තාක්‍ෂණය අපගේ මතකයේ තදින්ම කාවැදී තිබුණා.

නමුත් පසුව කැළණිය ටයර් සංස්ථාව විකුණා දැමීමට තීරණය කෙරුණු අතර සාමාන්‍ය ක්‍රියාවලියට අනුව ටෙන්ඩර් කැඳවීම සිදු වුණා. ඒ සඳහා පළමුව අයදුම් කළේ චානක සිල්වා මහතායි. චානක මූලික ලංසුකරු වුවත් කිසියම් හේතුවක් මත ප්‍රේමදාස ජනාධිපතිතුමා ඊට කැමති වූයේ නැහැ. මෙම සිදුවීම දෙවතාවක්ම සිදු වූ අතර, චානක සෑම අවස්ථාවකදීම ප්‍රධාන ලංසුකරු වූ නමුත්, ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන් සෑහීමකට පත් වුණේ නැහැ.

මම අවසානයේ කිව්වා ‘සර් මට දිගටම හේතු දක්වන්න බෑ’ කියලා. නමුත් තුන්වැනි උත්සාහයේදීත් තත්ත්වය එසේම වුණා. මෙ අවස්ථාවේදී, අප තෝරා ගන්නේ හොඳම ලංසුව ද නැතහොත් කර්මාන්තයේ දැවැන්තයින්ට අනුග්‍රහය දක්වනවාද කියා අපට තීන්දුවක් ගැනීමට සිදු වුණා.

ඒ වගේම කැලණි ටයර් සංස්ථාව විකුණා දමනවාද, නැත්නම් වසා දමනවාද යන්න පිළිබඳව එම වකවානුවේ මහත් ආන්දෝලනයක් මතුව තිබුණා. ජාතික සේවක සංගමය ද මේ පිළිබඳව එදා දීර්ඝ ලෙස මා සමග සාකච්ඡා කළා.

මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේ දී රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක් ලංකාවට ගෙන ඒමේ අවශ්‍යතාව පිළිබඳ ඩෙරික් නුගවෙල මහතා ද යෝජනා කළා.

1991 මම තිලක් සමග ඉන්දියාවට ගොස් සියැට් සමාගම සමග මේ පිළිබඳ සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 1993 ශ්‍රී ලංකාවේ CEAT ව්‍යාපාරය ස්ථාපිත කිරීමට හැකි වුණා.

ඔවුන් එය සාර්ථක ලෙස කරගෙන ගියා. මීට පෙර BGN ලංකා සමාගම කාර්මික ටයර් නිෂ්පාදනය ආරම්භ කර තිබුණා. පීරිස් සමාගම මෙම ව්‍යාපාරයට සම්බන්ධ වූ අතර, බියගම ප්‍රදේශයෙන් සුදුසු ඉඩමක් සොයා දීමෙන් මම ඔවුන්ට සහාය වුණා. මෙය කාර්මික ටයර් කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අඩිතාලමක් වු බව කිවයුතුයි.

එහි ඊළග පියවර වුණේ ලංකාවේ CEAT හා කැළණි ටයර් සමාගම සහයෝගීතාවක් මගින් ඒකාබද්ධ කිරීමයි. බලපිටිය ප්‍රදේශයේ ආරම්භ වූ මේ සහයෝගීතාවට සිල්වා සහ සොයිසා දෙපළ ඔවුන්ගේ ඓතිහාසික පසුබිමත් සමගම එකතු වුණා.

චානකගේ පියා ආර්ටි මහතා 60 දශකයේ මුල් භාගයේදී සී. පී. ද සිල්වා මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ක්‍රියාකළා. අජිත්ගේ පියා සහ තිලක්ගේ පියා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් වූ අතර අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෝ ද වූණා.

1965 දී බණ්ඩාරනායක මැතිණිය ලේක්හවුස් මුද්‍රණාලය පවරා ගැනීමට තීරණය කළ අවස්ථාවේ එවකට ලේක්හවුස් සභාපතිවරයා වූ මගේ පියා, අජිත්ගේ පියා සහ චානකගේ පියා සමඟ එක්ව බණ්ඩාරනායක මැතිණිය බලයට පත් කර ඩඩ්ලි සේනානායක මහතාව අගමැති කළා. ඒ හේතුවෙන් මහින්දගේ පියා ඡන්දයෙන් පැරදුණා.

කෙසේ නමුත් කැලනි ටයර් සමාගමේ මෙම හවුල්කාරිත්වය සාර්ථක ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාව මැනවින් පිළිඹිඹු කරන අවස්ථාවක් බවද කිවයුතුයි. එසේම මෙය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට කදිම ආදර්ශයක් ද වෙනවා.

අද ඔවුන් සිය 25 වන සංවත්සරය පවත්වන අවස්ථාවේ මම ඔවුන්ට සුබපතන අතරම මීට වඩා තරගකාරීත්වයට අවතීරණව අපනයනය ඉහළ නංවා ගනිමින් කර්මාන්තශාලාව පුළුල් කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එසේම සියැට් කැළණි ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට කැපවු සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා. ඉදිරි වසර 25 තුළ ඔබ ශ්‍රී ලංකාවේ භාණ්ඩ අතර තරඟකාරී අපනයනකරුවෙකු ලෙස දැකීම මගේ අපේක්ෂාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56