spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සියවන ජන්මදිනය සමරන ඉන්දීය අගමැති මෝදිගේ මව (ඡායාරූප)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් වන හීරාබෙන් මෝදි අද තම 100 වන උපන්දිනය සමරනවා.

ඒ, හේතුවෙන් සිය මවට සුබ පැතීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ඇය ජීවත්වන ගාන්ධිනගර් හි පිහිටි ඇයගේ නිවසට පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එහිදී සිය මවට සුබ පැතුම් එක්කළ නරේන්ද්‍ර මෝදි ඇයගෙන් ආශිර්වාද ලබා ගැනීමට ද කටයුතු කළ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

1923 ජුනි මස 18 වැනිදා ඇය උපත ලබා ඇති අතර, ඇයගේ 100 වන ජන්ම දිනය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ උපන් ගමවන වඩ්නගර් හි ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෝදි පවුල විසින් අහමදාබාද්හි ජගන්නාත් කෝවිලේ ප්‍රජා භෝජන සංග්‍රහයක් ද මීට සමගාමීව සූදානම් කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම මවගේ ජන්ම දිනය වෙනුවෙන් සිය බ්ලොග් අඩවියට අපූරු ලිපියක් ද එක්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?