සියලු විද්‍යාපීඨ සිසුන්ට සුබ ආරංචියක්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පාඨමාලා සම්පූර්ණ කරන ශික්ෂාලාභීන්ගේ ඩිප්ලෝමාව ගෞරව උපාධියක් ලෙස ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් මගින් සාකච්ඡා කර අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය සංගමය ඇතුළු වෘත්තීය සමිති වෙත ලිපියක් යොමු කරමින්.

එහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ යෝජනාව පිළිබඳ අවසන් කෙටුම්පත ලබන වසරේ ජනවාරි 18ට පෙර ඉදිරිපත් කළ යුතු බවට තීරණය කළ බවයි.

සියලු කාර්යයන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අධීක්ෂණයට යටත්වන අතර, නියමිත දිනට අදාළ යෝජනා සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.මේ අතර, 2020 සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් 1 වනදා සිට දෙසැම්බර් 11 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සිදු කරමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16