සියලු රාජ්‍ය ආයතනවල වාර්ෂික වාර්තා වහා පාර්ලිමේන්තුවට දෙන්න – අගමැති(ඡායාරූප)

සියලු අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල වාර්ෂික වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීම, එම ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවයි අගමැතිවරයා පවසන්නේ.

මේ පිළිබඳව සාකච්ඡාවට බඳුන්වූයේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී.

මෙහිදී රැකියා ලක්ෂය වැඩසටහනට අදාළව පත්වීම් ලබාදීමේදී රැකියාලාභීන්ට ඔවුන් සිටින දිස්ත්‍රික්ක තුළම පත්වීම් ලබාදිය යුතු බවද, ඒ සඳහා නිර්දේශ ලබාදීම වෙනත් පාර්ශ්ව විසින් සිදු නොවිය යුතු බවද කාරක සභාවේ මන්ත්‍රීවරු පැවසීය.

එය අනුමත කළ අගමැතිවරයා අදාළ ප්‍රදේශයේම එම පත්කිරීම් සිදු කරන ලෙසට උපදෙස් ලබා දුන්නා.

මෙම කාරක සභාව සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

MCC Public Administration 20230324 6
MCC Public Administration 20230324 9
MCC Public Administration 20230324 14
MCC Public Administration 20230324 10
MCC Public Administration 20230324 7
MCC Public Administration 20230324 5
MCC Public Administration 20230324 2
MCC Public Administration 20230324 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47