සියලුම පාසල් හෙට සිට විවෘතයි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (19) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිතය.

ඒ අනුව රටේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත කිරීමට නියමිත අතර බස්නාහිර පළාතද ඇතුළුව පෙරපාසල්, පෞද්ගලික පාසල් ද හෙට සිට යළි විවෘත කෙරේ.