spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සියලුම කිතුණු දේවස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවලක්

සියලුම කිතුණු දේවස්ථානවලට පැමිණෙන බැතිමතුන් සහ ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරිමේ වැඩපිළිවලක් එම දේවස්ථානවල පියතුමන්ලා සමඟ සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට පොලිස්පති දේශබන්දු තෙන්නකොන් විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

එළඹෙන (29) වන දිනට යෙදෙන මහ සිකුරාදා දිනය සහ (31) දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් අදාල දේවස්ථානවල පියතුමන්ලා සහ සංවිධායකවරුන් සමඟ ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා කොට්ඨාස භාර සියලු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව, හෙට (26) සහ අනිද්දා (27) දිනවල සියළුම මූලස්ථාන පොලිස් පරීක්ෂවරුන් සහ ස්ථානාධිපතිවරුන් තම පොලිස් වසමට අයත් සියලු කතෝලික, ක්‍රිස්තියානි හා වෙනත් දේවස්ථාන වෙත ගොස් පියතුමන්ලා සහ දේවස්ථානවල පරිපාලන සාමාජිකයින් හමුවී විශේෂ ආරක්ෂක සැලැස්ම සකස්කර ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?