සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු – මෙන්න වීඩියෝව

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියන් ප්‍රකාශ කළා.උන්වහන්සේ මේ බව කියා සිටියේ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය නිමිත්තෙන් මතුගම – ලුල්බද්දූවේ පිහිටි කන්නන්ගර පිලිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවකට අද එක්වෙමින්.

මේ අතර, අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය අඛණ්ඩව සිදුකරගෙන යාමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද තීරණය කළා.

අද පෙරවරුවේ වර්ජනයේ නිරත වෘත්තීය සමිති 31 ක් කොළඹට රැස්වී සාකච්ඡා කර එම තීරණයට එළඹුණා.

කෙසේ වෙතත්, පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලබන 21 වන දාට පෙර වැටුප් විෂමතාවට විසදුමක් ලබා නොදුනහොත් වර්ජනය අඛණ්ඩව දියත් කරන බවයි එම සාකච්ඡාවෙන් පසු පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුපට එකතු කළ යුතු මුදල තුනකට බෙදා ඉන් එක් කොටසක් 2022 ජනවාරියේදී ලබාදීමටත්, ඉතිරි කොටස් දෙක 2023 ජනවාරියේදී එකවර ලබාදීමටත් රජයේ පාර්ශවයේ අවසන් විසඳුම ලෙස ඊයේ අග්‍රාමාත්‍යවරයා යෝජනා කර තිබුණා.එහෙත් ගුරු සංගම් පවසන්නේ එකවර අදාළ වැටුප් වැඩිවීම ලබාදිය යුතු බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30