spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සියඹලාණ්ඩුවේ දී බස් රථයක් පෙරලෙයි – පාසල් සිසුන් 28 සහ තවත් 14ක් රෝහලේ (ඡායාරූප)

මොණරාගල, සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් කොඩයාන ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් මාර්ගයේ පෙරලීමෙන් අද (29) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් මේ වන විට පාසල් සිසුන් 28 දෙනෙකු සහ තවත් පුද්ගලයන් 14 තුවාල ලබා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

තුවාල ලැබූවන් මේ වන විට එහි ප්‍රතිකාර ලබන අතර බරපතළ තත්ත්වයෙ පසුවන අය මොණරාගල මහ රෝහලට මාරු කර යැවීමට පියවර ගනිමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.

WhatsApp Image 2024 02 29 at 09.06.17 1 2
WhatsApp Image 2024 02 29 at 09.06.17 2
WhatsApp Image 2024 02 29 at 09.06.16 1
WhatsApp Image 2024 02 29 at 09.06.19 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
2
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?