සිමෙන්ති 200කින්.. පිටි 20කින්… ඉහලට..- රජය අතහැරි මිල වෙලදුන් නියම කරති

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්තිවල පාලන මිල ඉවත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති විශේෂ රැස්වීමේදී තීරණය කෙරුණා.

ඒ අනුව, නව භාණ්ඩවල මිල ගණන් තීරණ කිරීම සඳහා භාණ්ඩ සැපයුම්කරුවන් පාරිභෝගික ආරක්ෂන රාජ්‍ය අමාත්‍යවරයා හමුවී සාකච්ජා සිදුකළා. ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර ඊයේ (07) පස්වරුවේ පැවති විශේෂ සාකච්ජාවේදී තිරිඟු පිටි, කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට තීරණය කෙරුණා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ පාලන මිල ඉවත් කළද පාරිභෝගික ජනතාව පීඩාවට පත්වන අයුරින් එම භාණ්ඩවල මිල අසාධාරණ ලෙස ඉහළ නැංවීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි.

ඒ අනුව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය රාජ්‍ය අමාත්‍යවරයා සමඟ අද පෙරවරුවේ සිචුතඝ සාකච්ජාවේදී ආනයනකරුවන් යෝජනා කර ඇත්තේ ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 1300ක උපරිමයකටත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520කටත් අලෙවි කිරීමටයි.

කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 945ක පාලන මිලක් පැවති අතර ආනයනකරුවන් මිල ඉහල දැමිමට යෝජනා කර ඇත්තේ එය රුපියල් 1300ක් දක්වායි. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 355කින් ඉහළ යනු ඇති.

උපරිම මිල රුලියල් 380ක් ලෙස පැවති ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් මිල ඉහල දැමිමට යෝජනා කර ඇත්තේ රුපියල් 520ක් දක්වායි. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල 140කින් ඉහල යනු ඇති. මේ අතර සිමෙන්ති සැපයුම්කරුවන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා හමුවි ඔවුන්ගේ මිල යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති මිටියක් සඳහා පැවති උපරිම මිල රුපියල් 1005ක් වූ අතර සැපයුම්කරුවන් මිල ඉහල දැමිමට යෝජනා කර ඇත්තේ රුපියල් 1205ක් දක්වායි. ඒ අනුව සිමෙන්ති මිටියක් රුපියල් 200කින් ඉහල යනු ඇති.

මේ අතර තිරිඟු පිටි සැපයුම්කරුවන්ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා හමුවී ඔවුන්ගේ මිල යෝජනා ඉදිරිපත් කළා. තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 87ක පාලන මිලක් පැවති අතර සැපයුම්කරුවන් මිල ඉහල දැමිමට යෝජනා කර ඇත්තේ රුපියල් 107ක් දක්වායි.

ඒ අනුව තිරුඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 20කින් ඉහල යනු ඇති. මේ අතර ප්‍රීමා සමාගමේ උසස් නිළදාරියෙකු සඳහන් කලේ උපරිම මිල අහෝසි කිරිමේ ගැසට් පත්‍රය රජය නිකුත් කිරිමෙන් පසු තම මිල ගණන් ඉදිරිපත් කරන බවයි. මේ අතර, ගෑස් සැපයුම්කරුවන්ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා හමුවී ඔවුන්ගේ මිල යෝජනා ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14