spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිමෙන්ති හා රබර් නිෂ්පාදනවල ශක්තිය ඉහළ නැංවීමට නව රසායනිකයක්

නව පර්යේෂණ හා විද්‍යාත්මක සොයා ගැනීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු සුදුසුම කාලය එළඹ ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව විද්‍යාත්මක සොයා ගැනීම් හා නිෂ්පාදන, නවීන තාක්ෂණය සමඟ සම්බන්ධ කර අගය එකතු කළ නිෂ්පාදන ලෙස ලෝකය සමඟ හුවමාරු කර ගැනීමටත් එමගින් රටේ ආර්ථිකය ගොඩනැඟීමටත් අවශ්‍ය පදනම සකසා ගැනීම සඳහා කඩිනම් සැලසුම් සකස් කළ යුතු බවයි.

බෝගල GRAPHITE සමාගම මගින් නිෂ්පාදනය කර තිබෙන GRAPHENE OXIDE රසායනිකය තාක්ෂණ අමාත්‍යාංශයේ දී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට හඳුන්වා දෙනු ලැබූ අවස්ථාවේ දී යි ඔහු මේ බව කියාසිටියේ.

මෙහිදී බෝගල GRAPHITE සමාගමේ පාලනාධිකාරිය විසින් GRAPHENE OXIDE රසායනිකය කනක හේරත් මහතාට, හඳුන්වා දුන් අතර එම රසායනිකය යොදා සිදුකරන පර්යේෂණ නිෂ්පාදන සම්බන්ධයෙන් ද දැනුවත් කෙරුණා.

GRAPHENE OXIDE රසායනිකය, සිමෙන්ති, රබර්, ප්ලාස්ටික් නිෂ්පාදනයයේදී අගය එකතු කළ නිෂ්පාදන ලෙස හඳුන්වා දීමට හැකි බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

දැනට සිදුකරන පර්යේෂණ සාර්ථක වුවහොත් මෙරට සිමෙන්ති නිෂ්පාදනයේදීත්, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනයයේදීත්, එම රසායනිකය යොදා ගැනීමට හැකිබව බෝගල GRAPHITE සමාගම ප්‍රකාශ කළා.

GRAPHENE OXIDE රසායනිකය, GRAPHENE රසායනිකයට පහළ ශක්ති මට්ටමක පවතින රසායනිකයක්.

GRAPHENE යකඩ මෙන් දෙසීය ගුණයක් හා තඹ ලෝහය මෙන් සිය ගුණයක විද්‍යුත් සන්නායකතාවය සහිත ශක්තිමත් රසායනිකයක් ද වනවා. එම රසායනිකය සිමෙන්ති හෝ රබර් සඳහා මිශ්‍ර කිරීමට හැකියාවක් නැහැ.

එහෙත් බෝගල GRAPHITE සමාගම මගින් නිෂ්පාදනය කර තිබෙන්නේ GRAPHENE OXIDE රසායනිකය වන අතර එම රසායනිකයේ විශේෂත්වය වන්නේ සිමෙන්ති හෝ රබර් සමග මිශ්‍ර කිරීමට හැකි වීමයි.

එමෙන්ම එය සිමෙන්ති හා රබර් නිෂ්පාදනයයේදී එහි ශක්තිය වැඩි කිරීමට ද යොදා ගත හැකි බව බෝගල ග්‍රැෆයිට් සමාගම පෙන්වා දෙනවා.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ මෙවැනි නව නිපැයුම්කරුවන් ජාත්‍යන්තරයට හඳුන්වා දීමේ අවස්ථාව මේ වසර තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙන INDUSTRY 4.0 සහ 5.0 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයේදී හැකිවන බවයි.

බෝගල GRAPHITE සමාගමේ නව හඳුන්වා දීම සම්බන්ධයෙන් එම ආයතනයට ප්‍රසාදය පලකළ කනක හේරත් මහතා, මෙය ඉතා වැදගත් පර්යේෂණයක ප්‍රතිඵලයක් බැවින් ඉදිරියේදී මෙරට සිමෙන්ති නිෂ්පාදනයේදීත්, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනයයේදීත් උසස් වටිනාකමක් සහිතව නිපදවීමට අවස්ථාව උදා වන බව ද ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?