සිමෙන්ති හා රබර් නිෂ්පාදනවල ශක්තිය ඉහළ නැංවීමට නව රසායනිකයක්

නව පර්යේෂණ හා විද්‍යාත්මක සොයා ගැනීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු සුදුසුම කාලය එළඹ ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව විද්‍යාත්මක සොයා ගැනීම් හා නිෂ්පාදන, නවීන තාක්ෂණය සමඟ සම්බන්ධ කර අගය එකතු කළ නිෂ්පාදන ලෙස ලෝකය සමඟ හුවමාරු කර ගැනීමටත් එමගින් රටේ ආර්ථිකය ගොඩනැඟීමටත් අවශ්‍ය පදනම සකසා ගැනීම සඳහා කඩිනම් සැලසුම් සකස් කළ යුතු බවයි.

බෝගල GRAPHITE සමාගම මගින් නිෂ්පාදනය කර තිබෙන GRAPHENE OXIDE රසායනිකය තාක්ෂණ අමාත්‍යාංශයේ දී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට හඳුන්වා දෙනු ලැබූ අවස්ථාවේ දී යි ඔහු මේ බව කියාසිටියේ.

මෙහිදී බෝගල GRAPHITE සමාගමේ පාලනාධිකාරිය විසින් GRAPHENE OXIDE රසායනිකය කනක හේරත් මහතාට, හඳුන්වා දුන් අතර එම රසායනිකය යොදා සිදුකරන පර්යේෂණ නිෂ්පාදන සම්බන්ධයෙන් ද දැනුවත් කෙරුණා.

GRAPHENE OXIDE රසායනිකය, සිමෙන්ති, රබර්, ප්ලාස්ටික් නිෂ්පාදනයයේදී අගය එකතු කළ නිෂ්පාදන ලෙස හඳුන්වා දීමට හැකි බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

දැනට සිදුකරන පර්යේෂණ සාර්ථක වුවහොත් මෙරට සිමෙන්ති නිෂ්පාදනයේදීත්, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනයයේදීත්, එම රසායනිකය යොදා ගැනීමට හැකිබව බෝගල GRAPHITE සමාගම ප්‍රකාශ කළා.

GRAPHENE OXIDE රසායනිකය, GRAPHENE රසායනිකයට පහළ ශක්ති මට්ටමක පවතින රසායනිකයක්.

GRAPHENE යකඩ මෙන් දෙසීය ගුණයක් හා තඹ ලෝහය මෙන් සිය ගුණයක විද්‍යුත් සන්නායකතාවය සහිත ශක්තිමත් රසායනිකයක් ද වනවා. එම රසායනිකය සිමෙන්ති හෝ රබර් සඳහා මිශ්‍ර කිරීමට හැකියාවක් නැහැ.

එහෙත් බෝගල GRAPHITE සමාගම මගින් නිෂ්පාදනය කර තිබෙන්නේ GRAPHENE OXIDE රසායනිකය වන අතර එම රසායනිකයේ විශේෂත්වය වන්නේ සිමෙන්ති හෝ රබර් සමග මිශ්‍ර කිරීමට හැකි වීමයි.

එමෙන්ම එය සිමෙන්ති හා රබර් නිෂ්පාදනයයේදී එහි ශක්තිය වැඩි කිරීමට ද යොදා ගත හැකි බව බෝගල ග්‍රැෆයිට් සමාගම පෙන්වා දෙනවා.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ මෙවැනි නව නිපැයුම්කරුවන් ජාත්‍යන්තරයට හඳුන්වා දීමේ අවස්ථාව මේ වසර තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙන INDUSTRY 4.0 සහ 5.0 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයේදී හැකිවන බවයි.

බෝගල GRAPHITE සමාගමේ නව හඳුන්වා දීම සම්බන්ධයෙන් එම ආයතනයට ප්‍රසාදය පලකළ කනක හේරත් මහතා, මෙය ඉතා වැදගත් පර්යේෂණයක ප්‍රතිඵලයක් බැවින් ඉදිරියේදී මෙරට සිමෙන්ති නිෂ්පාදනයේදීත්, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනයයේදීත් උසස් වටිනාකමක් සහිතව නිපදවීමට අවස්ථාව උදා වන බව ද ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40