සිමෙන්ති මිල යලි ඉහලට යයි ද ?

මේ වනවිට රුපියල් 2350ක මිලකට අලෙවි වන සිමෙන්ති කොට්ටයක මිල මෙම සතිය තුළදී තවත් රුපියල් 400කින් පමණ ඉහළ දැමීමට සිමෙන්ති ආනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇති බැවින් ඔවුන්ට පාඩමක් ඉගැන්වීම සඳහා තමන්ගේ සියලු ම ඉදිකිරීම් කටයුතු මාස තුනක කාලයක් සඳහා නවතා දමන ලෙස තමා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය.

සිමෙන්ති කොට්ටයක් තබා ගත හැකි උපරිම කාලය දින 25ක් පමණක් බව ත් තමා ප්‍රකාශ කළ ආකාරයට මාස තුනක කාලයක් සඳහා ඉදිකිරීම් කටයුතු නවතා දැමුවහොත් එම සිමෙන්ති ගාලු මුව‍ෙදාර ආශ්‍රිතව ඉදිකෙරෙන ව්‍යාපෘතියේ මුහුදට දැමීමට ඔවුන්ට සිදුවන බව ද ඔහු පැවසීය.

ජනතාවට ජීවත්වීමට නොහැකි තරම් ආර්ථික අපහසුතාවලින් පෙළෙන අවස්ථාවක මේ ආකාරයට සිමෙන්ති මිල ඉහළ දැමීමට පියවර ගැනීම ජනතාවට සිදු කරන අසාධාරණයක් බව ද ඔහු පැවසීය.

මෙම ආනයනකරුවන් පසුගිය ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා මාස තුන තුළ ම ඔවුන්ට හිතු හිතු මනාපයට සිමෙන්ති මිල ඉහළ දැමූ බව ද සභාපතිවරයා පැවසීය.

සිමෙන්ති ආනයනකරුවන් මෙම සතිය තුළදී රුපියල් 400කින් පමණ සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සූදානම් වන බව ත් එසේ වුවහොත් එම කොට්ටයක මිල රුපියල් 3000ට ආසන්නව මිල ඉහළ යාමට ඉඩ ඇති බව ද ඔහු පැවසීය.

පසුගිය අවුරුදු දිනවලින් පසුව තම සංගමය සියලු ම ඉදිකිරීම් කටයුතුවලින් ඉවත් වූ බව ද එම ඉවත් වීම නිසා තම සංගමය හරහා මෙරට දළ දේශීය නිෂ්පාදනයට ලැබීමට නියමිතව තිබූ 12.5ක දායකත්වය මේ වසර තුළ අහිමි වෙන බව ද ඔහු පැවසීය.

මේ පිළිබඳව සොයා බැලීමට කිසිදු ඇමතිවරයකු හෝ බලධාරියකු නොමැති බව ත් එම නිසා කිසිදු පාලනයකින් තොරව සිමෙන්ති මිල ඉහළ යාමට බලධාරීන්ද එම ආනයනකරුවන්ට ඉඩදී ඇති බව ඔහු වැඩිදුරට ත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18