සිම්බාබ්වේ සංචා­ර­යට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තුනට බෙදෙයි

එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 3ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන අගෝස්තු මස අගදී සිම්බාබ්වේ සංචාරය ආරම්භ වීමට නියමිතයි

මෙම තරගාවලියට පෙර කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණ‍යේදී (එස්එස්සී) කණ්ඩායම් 3කට බෙදී විස්සයි20 තරගාවලියක් පැවැත්වීමට සූදානම් කටයුතු යොදා තිබේ.

අගෝස්තු මස 7 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය බ්ලූ, ග්‍රීන් සහ ග්‍රේ යන කණ්ඩායම්වලින් සමන්විතයි

නිමාවට පත්වූ බංග්ලාදේශ තරගාවලියට එක්වූ ක්‍රීඩකයින්ට අමතරව දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන නවක ක්‍රීඩකයන් මේ තරගාවලියට එක්කරගෙන ඇත.

මූලික වටයේ අවසානයේදී ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙක අගෝස්තු 16දා එස්එස්සී ක්‍රීඩාංගණ‍යේදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පළමු හා දෙවන එක්දින තරගය අගෝස්තු 29 හා 31 දිනවල පැවැවෙන අතර, සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල විස්සයි20 තරගාවලිය පැවැත්වේ.

මේ සියලුම තරග හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40