එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (10) සිම්බාබ්වේ දේශය බලා පිටත්ව ගියා.
කටුනායක ගුවන් තොටුපොළෙන් එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පළමුව ඩුබායි රාජ්‍යට ගොස් අනතුරුව තවත් ගුවන් යානයකින් සිම්බාබ්වේ දේශය බලා ගමන් කිරීමටයි නියමිතව තිබුණේ.
දීර්ඝ ගුවන් ගමනකින් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මේ වනවිට සිම්බාබ්වේ දේශයට ළඟා වී ඇති අතර, එහි ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කාමර පහසුකම් නොලැබීම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එලෙස කාමර පහසුකම් නොලැබීම හේතුවෙන් හෝටලයක තැන තැන්වලට වී සිටින අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
මේ සම්බන්ධයෙන් විමසා සිටීමට අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට කිහිපවරක් උත්සාහ කළ ද ඔහු දුරකථනය හා සම්බන්ධ වුයේ නැහැ.

















Afraid, our players might contract Covid, if they rest in this way.
THILANGA KIYANA RACE BY RACE SUDHU ANTHUWA GE ATCH EKA SHAMMI SILVA KIYANA HORA SLC EKATA AYE NITHARANGAYEN PATH UNA LU NEDHA. DAN OYA PARAYI MEWA GENA HOYALA BALUWE NATHI DHA, UN NIDHI WADHILA DHA. ME APE RATEYI JATIKA CRICKET KANDAYAMA, OTHANA ARJUNA HITIYA NAM BALA GANNA THIBUNA. AH EYATH DAN OKE UPADESHAKA NEDHA. WEDAK NAHE. OYA RATA THAMA WARNA WADHEE WARGA BEDHA WADEE SUDDA GW. UN OHOMA THMAYI APITA SALAKANNE. DALA WARELLA MUNTAYI UNTAYI BAMBU GAHA GANNA KIYALA.