සිම්බාබ්වේ ට ලකුණු 255ක ඉලක්කයක්

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද (21) පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 254ක් රැස් කළේය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 255කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ශක්තිමත් ඉනිමක් ගොඩනැගීමට උත්සාහ කර තිබුණි.

එහෙත් එය අසාර්ථක කරමින් කුසල් මෙන්ඩිස් ලකුණු 36කට දැවී ගියේය.

ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව බවට පත්වූයේ චරිත් අසලංක ය.

ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ඔහු ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 52ක් එක් කළේය.

හතරේ පහර 06ක්  සමගින් පැතුම් නිස්සංක ද සිය අර්ධ ශතකය රැස් කරගත්තේ පන්දු 66කට මුහුණදෙමිනි.

මෙතෙක් පැවති තරග දෙක, කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තිබේ.

දෙරට අතර 2017 වසරේ පැවති එක්දින තරගාවලිය ද 2-1ක් ලෙස ජයගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

එබැවින් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් බව ක්‍රිකට් විචාරකයෝ පවසති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54