සිම්බාබ්වේ ක්‍රිකට් පුහුණුකරු කටුනායකදී “පොසිටිව්” වෙයි

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලාල්චාන්ඩ් රාජ්පුට් හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල හරහා යි මේ බව තහවුරු වී ඇත්තේ.

ඒ අනුව ලාල්චාන්ඩ් රාජ්පුට් කණ්ඩායමෙන් වෙන්කර නිරෝධායනය සදහා යොමු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවල දී ඔවුන් කිසිවෙක් හට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තා වන්නේ නැහැ.

සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කිරීමට පෙර සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුත් කියා සිටියේ, මෙම තරග සංචාරය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමේ හොඳ අවස්ථාවක් සිය කණ්ඩායමට ඇති බවයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පලමු තරග්‍ය ලබන 16 වැනි දා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා-රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වනවා.

තරගාවලියේ සෙසු තරග, ජනවාරි 18 සහ 21 යන දිනවල දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන්නේ ද මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි.

ක්‍රේග් අර්වින් නායකත්වය ලබා දෙන 15 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ එක්දින සංචිතයට රයන් බර්ල්, රෙගිස් චකබාවා, ලියූක් ජොන්වේයි, ටකුඩ්වන්ශේ කයිටානො, ක්ලියිව් මඩන්ඩේ, වෙස්ලි මද්වේරේ, වෙලින්ටන් මසකඩ්සා, ටිනොටෙන්ඩා මුටොම්බොඩ්සි, බ්ලෙසිග් මුසොරබානි, නගරවා රිචාර්ඩ්, සිකන්ඩර් රාසා, ෂුම්බා මිල්ටන්, සහ ෂෝන් විලියම්ස් ඇතුළත් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04