spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 273ක් ලබා ගත්තා.

මෙම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට චරිත් අසලංක සමත්වුණා. පන්දු 91කින් ඔහු මෙලෙස රැස් කළේ තම 3 වන එක්දින ශතකයයි. දුවද්දී දැවී යාමකට හසුවූ ඔහු පිටියෙන් ඉවත්වන විට ලකුණු 101ක් ලබා සිටියා. ඔහුගේ ශතකයට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ඇතුලත්.

නායක කුසල් මෙන්ඩිස් 46යි. සධීර සමරවික්‍රම ලකුණු 41යි.

පන්දු යැවීමේදී Richard Ngarava, Blessing Muzarabani සහ Faraz Akram කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?