spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිපෙට්කෝ පිරවුම්හල්වලට නව බද්දක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි පළමු වනදා සිට නව බද්දක් පැනවීම හේතුවෙන් සිය ව්‍යාපාර කඩා වැටීමේ අවදානමට ලක්ව ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

ආදායමෙන් 45%ක බද්දක් මෙලෙස රජයට ගෙවීමට සිදුව ඇති බව එම සංගමය පවසන්නේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන ඉන්ධනහල් 200ක් පමණ මෙම බද්දට යටත් වන බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.

2012 වසරේ එවක පැවති රජය මෙම බද්ද අය කළ ද, පසුව ඊට එල්ල වූ විරෝධය හේතුවෙන් එය තාවකාලිකව නතර කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් යළිත් එම බදු මුදල පසුගිය ජුලි පළවනදා සිට පනවා ඇති බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සඳහන් කර සිටියේ.

පසුගිය කාලසීමාව තුළ මෙරට සිදුවූ වෙඩිතැබීම් රැසක මහමොළකරු ලෙස ‘හරක් කටා’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා හඳුනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?