සිනාසෙන දඩයක්කරු මුත්තයියා නැවත පිටිය දෙවනත් කරයි

ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් Legends League ක්‍රිකට් තරගාලිය අද(20) ආරම්භ වුණා.

ඕමානයේ පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ වුණේ India Maharajas කණ්ඩායම හා Asia Lions කණ්ඩායම අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ආසියානු ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගනිමින්.

උපුල් තරංග පන්දු 46කින් ලකුණු 66ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

ඉන්දීය මහරාජාස් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු 26දී බිද වැටුණේ එස්. බද්‍රිනාත් ලකුණු නොලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසු වීමෙන්.

නුවන් කුලසේකර යොමු කළ පන්දුවකට බද්‍රිනාත් පහරක් එල්ල කළ අතර, පන්දු රකිමින් සිටි මුත්තයියා මුරලිදරන් පන්දුව රැකගෙන කෙලින්ම කඩුල්ල වෙත යොමු කරමින් ඔහුව දුවද්දී දැවී යාමකට හසු කර ගැනීම විශේෂත්වයක්.
ඔහුගේ මෙම පන්දුව එල්ල කිරීම කෙළින්ම කඩුල්ලේ දැවටී දැවී යාම වාර්ථා වුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33