සිදු වූ ප්‍රමාද දෝෂය නිසා මාර්ක් සකර්බර්ග් නො සිතූ තැනකට ඇද වැටෙයි

පැය 06කට ආසන්න කාලයක් අක්‍රීය වී තිබූ ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය දැන් යළි සක්‍රීය වී ඇති බව එම මාධ්‍යයන් හිමි ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රි 9.30 සිට පමණ මෙම සමාජ මාධ්‍ය වෙත අන්තර්ජාලය හෝ ස්මාර්ට් ජංගම දුරකතන යෙදවුම් ඔස්සේ පිවිසිය නො හැකි වුණා.

සමාජ මාධ්‍යය බිඳ වැටීම් පිළිබඳ ග්‍රාහක දත්තවලට අනුව මෙය මෙතෙක් ලොව සිදු වූ විශාලතම බිඳ වැටීමයි.

එහි දී ලොව පුරා සමාජ මාධ්‍ය වෙත පිවිසීමේ ගැටලු බිලියන 10.9 ක් වාර්තා වී තිබෙනවා.

මේ ආකාරයේ බිඳ වැටීමකට ෆේස්බුක් ආයතනය මීට පෙර වාර්තා වූයේ 2019 වසරේදී යි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 3.30ට පමණ ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පරිශීලකයින්ට හැකි වී තිබෙනවා.

එමෙන්ම, මෙලෙස සමාජ මාධ්‍යයේ බිඳ වැටීමට නිල වශයෙන් මෙතෙක් හේතු දක්වා නැහැ.

අන්තර්ජාල විශේෂඥයින් සැක කරන්නේ, ෆේස්බුක් වෙබ් අඩවිවල නාමකරන පද්ධතියේ ගැටලුවක් ඊට හේතුවිය හැකි බවයි.

මේ අතර, මෙම සමාජ මාධ්‍යවල බිඳ වැටීම හේතුවෙන් ෆේස්බුක් ආයතනයේ හිමිකරු වන මාර්ක් සකබර්ග්ට ඩොලර් බිලියන 06ක පමණ පාඩුවක් සිදු ව ඇති බව වාර්තා වනවා.

ඒ, පැය කිහිපයක් තුළ ෆේස්බුක් කොටස් අගය 5% කින් පමණ පහත වැටීමෙන්.

එමෙන්ම, ඒ සමඟම මාර්ක් සකබර්ග්ගේ වත්කම ඩොලර් බිලියන 121.6 දක්වා පහත වැටී ඇත්තේ, ඔහු බ්ලූම්බර්ග් ප්‍රකෝටිපති දර්ශකයේ බිල් ගේට්ස්ට වඩා පහළින් අංක පහේ ස්ථානයට පත් කරමින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09