සිඩ්නි නගරයට සහ ඒ අවට ප්‍රදේශ 20 කට ගංවතුර අනතුරු ඇඟවීම්

අධික වර්ෂාපතනය හේතුවෙන් ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරයට සහ ඒ අවට ප්‍රදේශ 20 කට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.අදාළ ප්‍රදේශවල පහත්බිම්වලින් වහාම ඉවත්වන ලෙස එරට කාලගුණ අංශ දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පැය 24 ක පමණ සිට නැගෙනහිර සවුත් වේල්සයට අධික වර්ෂාපතනයක් ඇඳහැළෙන අතර ගංඟාවල ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.