“සිටි ඔෆ් ඩ්‍රීම්ස්” හෝටල් පරිශ්‍රයේ අලුතින් ඉදිකළ කැසිනෝ ශාලාවේ විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් බොලිවුඩ් නළු ශාරුක් ඛාන් නොපැමිණෙන බවට නිවේදනය කර තිබෙනවා.
“සිටි ඔෆ් ඩ්‍රීම්ස්” නිල ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් මෙම දැනුම්දීම සිදුකර තිබුණා.
එළඹෙන අගෝස්තු මාසයේ දී මෙම කැසිනෝ ශාලාව විවෘත කිරීමට නියමිත අතර එම විවෘත කිරීමේ උත්සවය සඳහා බොලිවුඩ් නළු ශාරුක් ඛාන් පැමිණෙන බවට මීට පෙර තොරතුරු වාර්තා වුණා.
කෙසේ වෙතත් පෞද්ගලික හේතුවක් මත ශාරුක් මෙම අවස්ථාවට එක් නොවන බවයි මේ වනවිට දැනුම් දී ඇත්තේ.














