spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිඟිති දැරියට ආහාර ලබාදෙමින් සිටි මවට අපස්මාරය වැළඳී දැරිය ජීවිතක්ෂයට (ඡායාරූප)

තම සිඟිති දියණියට ආහාර ලබාදෙමින් සිටි 26 හැවිරිදි මවකට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ආහාර ගනිමින් සිටි දියණිය ආහාර උගුරේ සිරවීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ මව සිය වයස අවුරුදු එකහමාරක දියණියට ආහාර ලබදෙමිමින් සිටින අතර තුර එකවරම මවට අපස්මාර රෝගය වැළඳී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී දැරියගේ උගුරේ ආහාර සිරවීමෙන් ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දැරිය මව බදාගෙන බිම වැතිරි සිටින අවස්ථාවේ දී අසල්වාසීන් විසින් දැරිය සහ මව ඊයේ (25) රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එලෙස රෝහල් ගතකරන අවස්ථාවේ දී දැරිය මියගොස් සිට ඇති බව බගවන්තලාව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මිය ගිය දැරියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාර මරණ පරීක්ෂණය සඳහා එය දික්ඔය මුලික රෝහල වෙත යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
11
+1
0
+1
5
+1
302
+1
15
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?