සිඟමන් යදිමින් සිටි යාචකයෙකුට පහරදුන් ආපන ශාලා හිමියෙක් ඇතුලු 3ක් අත්අඩංගුවට

රෝද පුටුවක සිඟමන් යදිමින් සිටි යාචකයෙකුට දත් තුනක් කැඩෙන්න පහරදී රෝද පුටුවටද අලාභහානි කිරීම සම්බන්ධයෙන් සැකපිට පානදුර ප්‍රසිද්ධ අවන්හලක හිමිකරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර මහවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපනශාලාවක් පවත්වාගෙන යන හිමිකරු, ඔහුගේ සොහොයුරා සහ හෝටල් සේවකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පානදුර මහවිල ප්‍රදේශයේ පදිංචි පහරකැමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය තිබෙනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා පොල් ගසකින් ඇද වැටී කොන්ද කැඩී ඇති බවත්, රිය අනතුරකට ලක්ව දකුණු පාදය ඉවත් කර කෘතිම පාදයක් යොදා සිටින බවත් සදහන්.

ඔහු පසුගිය දෙසැම්බර් මස 28 වනදා රාත්‍රී ආපන ශාලාව ඉදිරිපිට සිඟමන් යදිමින් සිටියදී අමානුෂික ලෙස කළ පහරදීමෙන් දත් තුනක් ගැලවී ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

පහර කෑ යාචකයා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශයකයෙක් සඳහන් කළේ.

අලුබෝමුල්ල, නාත්තන්ඩිය සහ බද්දේගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39