සිකියුරුටි මරා නුවරඑළිය ඩිපෝවේ සල්ලි කොල්ල කෑ තිදෙනා අත්අඩංගුවට

නුවරඑළිය ලංගම ඩිපෝවේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරියා ඝාතනය කර එහි තිබූ රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් කොල්ලකෑ සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 06 වනදා අලුයම් කාලයේ මෙම අපරාධය සිදුව තිබූ අතර, එදින දහවල්වන විට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනක් එම ලංගම ඩිපෝවේ සේවය කරන බවයි පොලිසිය සඳහන් කළේ.

එක සැකකරුවෙක් එම ඩිපෝවේ මුදල් අයකැමිවරයෙකු ලෙස සේවය කරන අතර, අනෙක් පුද්ගලයා පට්ටිපොළ – නුවරඑළිය මාර්ගයේ ලංගම බස් රථයේ රියදුරා බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මොවුන් අවුරුදු 34, 41 සහ 55 යන වයස්වල පසුවන බදුල්ල, රේනදපොළ සහ මහව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් විසින් කොල්ලකෑ මුදල්වලින් කොටසක් වියදම්කර උකස්කර තිබූ රන් ආභරණ බේරාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ඊයේ (07) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16