සිංහල-හින්දු අවුරුද්ද ලෝකයට ආශිර්වාදයක්

සොබාදහම සමග වන ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන සිංහල හින්දු අලුත් අවුරුද්ද සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. අලුත් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

‘චිරාත් කාලයක් මුළුල්ලේ පැවතගෙන එන සංස්කෘතිකමය හරය විදහා දක්වන මුදුන්මල්කඩක් ලෙස සිංහල හින්දු අලුත් අවුරුද්ද හඳුන්වා දිය හැක. වසර දහස් ගණනක් තිස්සේ මෙරට ජනතාව ඉමහත් උත්කර්ෂවත් ලෙස මේ මහා සංස්කෘතික මංගල්‍යය සැමරූ අතර එක් අතකින් ජාතික සමගියත් තවත් අතකින් සහජීවනය සහෝදරත්වය බෙදාහදා ගැනීම වැනි යහ සංකල්ප කුලුගන්වන උත්සවයක් ලෙසත් අලුත් අවුරුද්ද විශේෂ වෙයි.

මානවයා සහ සොබාදහම අතර පවතින්නේ අන්‍යෝන්‍ය බැඳීමක් මෙන්ම අ‍න්‍යෝන්‍ය අරගලයකි. එම අරගලය තුළ මානවයා තාවකාලික ජයග්‍රහණයක් අත්පත් කර ගෙන ඇතත් සොබාදහමට සමීපවීම මිස සොබාදහමින් දුරස් වීම මානව වංශකතාවේ පැවැත්මට හිතසුව පිණිස නොවන බව අද වන විට වෙන කවරදාටත් වඩා තිර ලෙස සන්ථ වී තිබේ.

එබැවින් සොබාදහම සමගවන ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන සිංහල හින්දු අලුත් අවුරුද්ද වැනි සංස්කෘතිකමය උත්සව අවශ්‍යයෙන්ම සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක් වෙයි.

මෙවරද, සිංහල අලුත් අවුරුද්ද උදා වූයේ කොහාගේ හඬින් නොව කොරෝනාවෙන් ප්‍රවේසම් වන්න යැයි කරනු ලබන නිවේදනවල හඬිනි. සශ්‍රීකත්වයේ පාඩම කියා දෙන සුවිශේෂී උත්සවයක් වන අලුත් අවුරුද්ද මෙවර උදාවූයේ පිරිසුදු කෑම වේලක් පිස ගැනීමේ දෙගිඩියාව තුළ පුරවැසියන්ව කොටු කරමිනි.

මෙවන් තතත්වයක් තුළ මෙවරද සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වී ඇති අතර මිනිස් සංහතියට යහපත, උදා කරන ශ්‍රී සුබ අලුත් අවුරුද්දක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14