සිංහරාජයේ ජාන මංකොල්ල කෑ විදෙස් ජාතිකයින් අත්අඩංගුවට

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ දී මෙරටට ආවේණික කටුස්සෙකු ගමන් මල්ලක සඟවා රැගෙන යෑමට උත්සාහ කළ ජර්මානු ජාතික සංචාරකයින් දෙදෙනෙකු කුරුළුගල පිවිසුමේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරක මඟ පෙන්වන්නෙක් කළ දැනුම්දීමක් අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පසුව සංචාරකයින් දෙදෙනා රැඳී සිටි හෝටල් කාමරය පරීක්ෂා කර තිබේ.

එහිදී මුහුදු කකුළුවන්, මැඩි විශේෂ, මකුළු විශේෂ, මෙරටට ආවේණික ශාක කොටස් සහ බීජ වර්ග ද හමු වු බව පොලීසිය පවසයි.

එමෙන්ම එම ශාක හා සත්ත්ව කොටස් ලබා ගැනීම සඳහා යොදාගත් උපකරණ ද එම හෝටල් කාමරයේ තිබී සොයා ගෙන ඇත.

සිංහරාජයේ ජාන මංකොල්ල කෑ විදෙස් ජාතිකයින් අත්අඩංගුවට