සිංහයෝ තරගාවලිය සම කරති

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයේ තබන්නට ශ්‍රී ලංකා පිළට අද හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර අද (04) පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 132ක දැවැන්ත ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර ගැනීමත් සමඟයි.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 323ක් ලකුණු පුවරුවට එක් කළා.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් සහ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස්කරමින් සිය පිත්තේ දායකත්වය ශ්‍රී ලංකා ඉනිමට ලබාදුන්නා.

කලකට පසු සාර්ථ වූ ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් සියල්ලම පාහේ සිය වගකීම මැනවින් හඳුනාගෙන ඉවසිලිවන්ත ඉනිම් ක්‍රීඩා කරන ආකාරය අද තරගයේ දී දැකගත හැකි වුණා.

ශ්‍රී ලංකා ඉනිම කඩුලු දෙක බැගින් බිද දමන්නට මොහොමඩ් නබි සහ ෆරීඩ් අහමඩ්ට ද හැකියාව ලැබුණා.

අනතුරුව ලකුණු 324ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන පිතිකරුවන්ට ආරම්භයේ සිටම වේග පන්දුවෙන් තර්ජනයක් එල්ල කිරීමට දුෂ්මන්ත චමීර කටයුතු කළා.

ඒ, අනුව ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 02කට ක්‍රීඩාගාරය වෙත හරවා යවන්න්ට කලකට පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි දුෂ්මන්ත චමීරට හැකියාව ලැබුණා.

ඔහුගේ දැවියාමෙන් පසු පිටියට පිවිසි රහමත් ෂා ලකුණු 36කට දවා ගන්නට පන්දුව අතට ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණේ රහමත් ෂා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින්.

අනතුරුව ඇෆ්ගනිස්ථාන නායක හෂ්මතුල්ලා ෂාහිඩි සහ හැමදාම මෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් බැට දෙන ඊබ්‍රාහිම් සද්‍රාන් තරමක් දුරට ශ්‍රී ලංකා පිළට හිසරදයක් ගෙන ආ සබඳතාවක් ගොඩනැඟීමට සමත් වුණා.

කෙස් වෙතත් ඒ මොහොතේ ක්‍රියාත්මක වූ ධනංජය ද සිල්වා ඔවුන් දෙදෙනාගේම කඩුලු බිඳ දමමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ මාවත සකසා දුන්නා.

ඒ, අනුව පන්දුවාර 42යි එක් පන්දුවක් අවසානයේ ඇෆ්ගනිස්ථාන පිළිතුරු ඉනිම අවසන් කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

එහිදී වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා කඩුලු 03 බැඟින් බිඳ දැමූ අතර, දුෂ්මන්ත චමීර කඩුලු 02ක් බිද දමමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කළා.

ඒ, අනුව මෙම තරගයෙන් ලකුණු 132ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.

දෙරට අතර පසුගිය සිකුරාදා පැවති පළමු තරගය ඇෆ්ගනිස්ථානය ජයගත් අතර, මේ වනවිට තරගාවලියේ ජය දෙපිළටම විවෘත වී තිබෙනවා.

මේ සමඟ තරගවලිය ජය ගැනීමට නම් ලබන 07 වනදා පැවැත්වෙන තුන්වන සහ අවසන් තරගයේ ජය දෙපිළටම වැදගත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
30ස් දෙනෙක් එකතුවෙලා මගේ දරුවට හොඳටම ප#රදීලා - අමාරුයි කියද්දිත් රෝහලට අරගෙන ගිහින් නෑ
02:31
Video thumbnail
JVP එක ගි# තියපුව ඒවට නඩු ඇහුවනම් අද කට උත්තර නෑ - 76ක සා#පය වෙන කවුරුත් නෙවෙයි JVP එක
03:38
Video thumbnail
"කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට අලුතින් ගියේ පුතා.. පැය එක හමාරක් ඉස්කෝලේ රඳවගෙන ඉදලා"
02:23
Video thumbnail
2029 කියනකොට මතක් වෙන්නේ නාමල් - රට වටේ කොහේ ගියත් ඇහෙන්නේ නාමල්ගේ නම
24:19
Video thumbnail
හිටපු පොලිස්පති නිසල වී ට්‍රොලියේ ගිය අයුරු - ‍‍රෝහලේ ඔබ නොදුටු දසුන් මෙන්න
02:46
Video thumbnail
සජිත්ට ජෝකර් කියලා බැනපු ලාල්කාන්ත..
01:16
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධිය ගැන හොයන්න මහේස්ත්‍රාත්වරයත් එයි - අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂා කරයි
04:00
Video thumbnail
රට වටෙන්ම අද කොහේ ගියත් ඇහෙන්නේ නාමල්.. නාමල්.. නාමල් කියලා...
01:30
Video thumbnail
වර්තමාන පොලිස්පති මි#යගිය හිටපු පොලිස්පතිගේ නිවසට පැමිණෙයි - විමර්ශන ගැන අහද්දි පිළිතුරු නොදී යයි
01:45
Video thumbnail
28 වැනිදා වනතුරු නැවතත් හිරගෙයි ජීවිතයට දුක්බරව ගිය රඛිත සහ නළු චරිත්..
00:29