සිංහයින්ගෙන් බංගලියන්ට 166ක අභියෝගයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරගය අද (06) සිල්හෙට් හිදී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශය නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

එම ආරාධනයට සෑහීමකට පත්විය හැකි සාර්ථක පිළිතුරක් සපයන්නට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාව ලැබුනා.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 05ක් දැවී ලකුණු 165ක් ලෙසටයි.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ කමිදු මෙන්ඩිස් පිළිවෙලින් ලකුණු 36ක් සහ 37ක් බැගින් රැස්කළා.

මෙම තරගයේදීත් සාර්ථක වීමට ආරම්භ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට අවස්ථාව හිමි නොවූ අතර ලකුණු නොලබාම ඔහු දැවී ගියා.

තරගයේ අවසන් පන්දුවාර කිහිපය තුළ ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තබන්නට සටනක නිරත වූ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් දෙදෙනා වන ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක පිළිවෙලින් ලකුණු 32ක් සහ 20ක් බැගින් රැස් කළා.

ඔවුන් දෙදෙනා එක්ව 06 වන කඩුල්ලට අර්ධ ශතක සම්බන්ධතාවක් ගොඩනැගුවා.

නායක චරිත් අසලංක පන්දු 14ක් තුළ ලකුණු 28ක් රැස කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී මෙහෙදි හසන්, සෞම්‍ය සකාර්, ටස්කින් අහමඩ් එක් කඩුල්ල බැගින් බිද දැමුවා.

ඒ, අනුව බංග්ලාදේශයට මෙම තරගය ජයග්‍රහණයට ලකුණු 166ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17