සිංහයාට කොරෝනා! දෙහිවල තවත් සතුන් හිටි හැටියේ මිය ගහින්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි වාර්තා වනවා.

මෙසේ කොරෝනා වැළඳී ඇත්තේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (Thor) නමැති කේසර (පිරිමි) සිංහයාටය.

දින කිහිපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩා විඳි මෙම සිංහයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් මේ බවයි අනාවරණය වී තිබෙන්නේ.

ඉන් පසු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකළ සතාගේ සෙම පටල පරීක්ෂාවෙන් කොවිඩ් බවයි තහවුරු වී ඇත්තේ.

මේ අතර සිංහ කූඩුව භාරව සිටි සත්ව රැකවලූන් දෙදෙනකු සත්වෝද්‍යානය තුළත්, තවත් රැකවලකු නිවසේත් නිරෝධායනය කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වනවා.

තවත් සතුන් හිටි හැටියේ මිය ගහින්

සිංහයා අසනීප වූ දිනවලට ආසන්න දිනවලදී සත්වෝද්‍යානයේ විසූ සීබ්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්වයකු ද හිටි හැටියේ මියගොස් සිටි බවත් වාර්තා වනවා.

එම සතුන් දෙදෙනාද කොරෝනා වැළඳී මිය ගියේ දැයි සැකයක් පවතින බවයි එහි නිලධාරීන් පෙන්වා දෙන්නේ.

කෙසේවුවද, ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැති බව ද මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

ආසාදිත තෝර් නමැති සිංහයා වෙසෙන සිංහ දූපත තුළ 2012 වසරේදීම මෙරටට ගෙන එන ලද ෂීනා (Sheena) නමැති සිංහ ධේනුව සහ සිංහයින් සිව්දෙනකු සිටින බව වාර්තා වනවා.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කේසර පිරිමි සිංහයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙන බවයි.

සිංහයා නිරෝධායනයට

මේ බව තහවුරු වීම නිසා කොවිඩ් ආසාදිත එම සිංහයා සත්වෝද්‍යානයේම වෙනම ස්ථානයක නිරෝධායනයට යොමුකර ඇතැයිද ඔහු ප්‍රකාශ කළා.

එසේම සිංහ දූපතේ සිංහ ධේනුවද කිසියම් මැලවුණු ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා එම ධේනුව ගැනද සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු දැඩි විමසිල්ලෙන් පසුවෙන බවයි වාර්තා වනවා.

සෙසු පිරිමි සිංහයන් දෙදෙනා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවද එහි ආරංචි මාර්ග සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24