සිංගප්පූරු ධජය සහිත නෞකාව තවමත් ගිනි ගන්නවා – ඉන්දීය ආරක්ෂක අංශවලින් අනතුරු ඇඟවීමක්

සිංගප්පූරු ධජය සහිත ව යාත්‍රා කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හදිසියේ ගිනි ගැනීමකට ලක්වීමෙන් මේ වනවිට එහි කාර්‍යය මණ්ඩලයේ සිව්දෙනෙකු අතුරුදන් බවත්, එම ගින්න නිවා දැමීමේ කටයුතු තවමත් ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ මැදිහත් වීමෙන් සිදු වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බීබීසී පුවත් සේවය සඳහන් කළේ, මෙම නෞකාව ගිනි ගැනීමට ලක් ව ඇත්තේ දකුණු කේරළ ප්‍රාන්තයේ වෙරළට ආසන්නයේ දී බවයි.

කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි නගරය බලා යමින් තිබූ MV Wan Hai 503 නෞකාවේ අභ්‍යන්තර බහාලුම් පිපිරීමක් පෙරේදා (09) වාර්තා වූ අතර, ඒ සමග ම නෞකාව පුපුරා යාමකට ලක් වුණා.

කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගැනීමටයි කටයුතු කෙරුණේ.

නමුත් සිව් දෙනෙකු තවමත් අතුරුදන් වී තිබෙනවා.

මෙම ගලවා ගැනීමේ කටයුතු සඳහා සහාය වීමට සිංගප්පූරුව විශේෂ කණ්ඩායමක් ද යවා තිබෙන බවත් වාර්තාවනවා.

තෙල් කාන්දුවක් සහ නෞකාවේ සුන්බුන් ගිලාබැසීමේ ඇති හැකියාව හේතුවෙන් ඉන්දීය ජාතික සාගර තොරතුරු සේවා මධ්‍යස්ථානය (INCOIS) කේරළ වෙරළ තීරයට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය යානය තුළ ගින්න නිවා දැමීමට උත්සාහ කරන අතරතුර MV Wan Hai 503 නෞකාවෙන් විශාල දුම් පිටවන ආකාරයක් දක්නට ලැබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙනවා.

වෙරළාරක්ෂක බලකාය පැවසුවේ නෞකාවේ ගිනි ගැනීම් සහ පිපිරීම් දිගටම දක්නට ලැබුණු බවයි.

නෞකාවේ අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනකු තායිවානයේ ද එක් අයෙකු මියන්මාරයේ මෙන් ම අනෙකා ඉන්දුනීසියාවේ බවයි වාර්තා වන්නේ.

කේරළ වරාය අමාත්‍ය VN වාසවන් පැවසුවේ නෞකාවේ බහාලුම් 50ක් මුහුදට වැටී ඇති බවයි.

නෞකාවේ බංකර්හි තෙල් ටොන් 100 ක් රැගෙන ගොස් ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

මූලාශ්‍රය – BBC



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49