සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් අනතුරකට ලක් වෙයි

සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් අනතුරකට ලක්ව අනතුරින් එක් අයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ධාවනය වූ ගුවන් යානයක් .

එය බැංකොක් ස්වර්ණභූමි ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා ඇති අතර යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 211 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු සිට තිබෙනවා

මෙම සිදුවීමෙන් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් මෙතෙක් අදාළ ගුවන් සමාගම විසින් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.කෙසේවෙතත් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් එම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ශෝකය පළ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්