spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිංගප්පූරුවේ දී අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය නදීකාගේ දේහය ලංකාවට (වීඩියෝ)

සිංගප්පූරුවේ දී අවාසනාවන්ත ලෙස මියගිය නදීකා දිල්හානිගේ දේහය අද (20) පෙරවරුවේ මෙරටට රැගෙන ආවා.

දංකොටුව, මොටෑමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි විවාහක කාන්තාවක් වූ නදීකා මීට මසකට පමණ පෙර ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීම සඳහා සිංගප්පුරුව වෙත පිටත්ව ගොස් තිබුණා.

එහිදී තමන්ට හිරිහැර සිදුකරන බවට ඇය අවස්ථා කිහිපයකදීම සිය මිතුරියකට දැනුම් දී තිබූ අතර, යළි මෙරටට පැමිණීමට අවසර ඉල්ලා තිබුණ ද ඒ සඳහා ඇයට අවස්ථාවක් හිමිව තිබුණේ නැහැ.

කෙසේ වෙතත් නදීකා සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයක 08 වැනි මහළින් පැන පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

https://www.youtube.com/watch?v=3CWfLYvJRh4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
4
+1
2
+1
78
+1
11
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?