spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෑම දෙසතියකට වරක් හෝ මාසයකට වරක් ඉන්ධන මිල සංශෝධනයක්

ඊයේ (23) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ ඉන්ධන මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර අද (24) අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කළා.

ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහළ දැමීම සිදුකළ බවයි රජය සඳහන් කළේ.

ඒ අනුව සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදා හැරීමේ වියදම් සහ බදු මුදල් මෙම මිල සංශෝධනයට ඇතුළත්.

කෙසේ වෙතත් මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?