සෑම දෙනාටම නීතිය ඉදිරියේ සමාන සංස්කෘතියක් නිර්මාණය කිරීමට කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ධනය, බලය, තනතුරු, ඉතිහාස කිසිවක් අදාළ නොවන බවත් නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
අරලියගහ මන්දිරයේ අද (26) පැවති ජාතික භික්ෂු දින සැමරුම අමතමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.
“අපේ රටේ කවර හෝ දිනක අපරාධයකට හවුල් වී තිබෙනවා නම් කවර හෝ දිනයක දූෂණයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනයක බලය යුතු ලෙස උපයෝගී කරගෙන තිබෙනවා නම්, කවර හෝ දිනක මහජනයාගේ ධනය රිසි සේ නාස්තිකොට තිබෙනවා නම් ඒ සෑම කෙනාම නීතිය හමුවට ගෙන එම සඳහා උපරිම ප්‍රයත්න දරනවා. පළිගැනීම නෙවෙයි, දඩයම් කිරීම නෙවෙයි මේ සමාජයට නීතිය යුක්තිය සාධාරණත්වය පිළිබඳව විශ්වාසයක් හදන්න ඕන.”














ඊට රජය ඊශ්‍රායලය ඇමරිකා හා ඉන්දිය සහාය සහිතව මිලිටරි වශයෙන් ශක්තිමත් විය යුතුය. නැතහොත් ඉරාන පලස්තීන isis අන්තවාදී ත්‍රස්තවාදය අධිකරණ හා රටේ නිතිය විහිලුවට පත් කීරීමට ජනතාව උසිගන්නවා රනිල් වික්‍රමසිංහ මහතාගේ අධිකරණ කටයුතුවලදී අධිකරණය වට කොට කල අධිකරණය පද්ධතියට කල තර්ජනය හරහා රට අරාජික කරනු ඇත.