සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි අරඹන්න ජපාන රජය සමග සාකච්ඡා

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතර පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය යළි ඇස්තමේන්තු කිරීමට අවධානය යොමුව තිබෙනවා.

කොවිඩි වසංගතය හා ආර්ථික අර්බුධය හේතුවෙන් මේ සදහා වැය වන මුදල මුල් ඇස්තමේන්තුවට වඩා ඉහළ යාම ඊට හේතුවයි.

ශ්‍රී ලංකා රජය හා ජපාන රජය සමග පැවති සාකච්ඡාවලදී ගනු ලබන තීරණ අනුව ලබන වසර තුළ පොදු පහසුකම් විතැන් කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට හැකි වනු ඇති බවටයි ඇමති ප්‍රසන්න රණතුංග විශ්වාසය පළ කරන්නේ.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සදහා මූලික ශක්‍යතා අධ්‍යයනයක් මීට පෙර සිදු කර තිබුණා.

එහි මාළඹේ සිට පිටකොටුව දක්වා වන ඉදිකිරීම්වලට අදාළව සවිස්තරාත්මක සැලසුම්, කොන්ත්‍රාත් ලේඛණ, ලංසු ලේඛණ ඇස්තමේන්තු හා අධීක්ෂණ සේවා සැපයීම සඳහා ජාත්‍යන්තර උපදේශණ සමාගමක් පත් කෙරුණු අතර එම මූලික කරුණු වෙනුවෙන් වෙන් කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 120ක්.

මෙම මූලික කටයුතු 2019 අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරුණු අතර එය අවසන් වීමට තිබුණේ මාස 91කින්.

කෙසේ වෙතත් මාස 21ක උපදේශන කාල සීමාවෙන් පසු එනම් 2020 දෙසැම්බර් 31 වන දින වනවිට ව්‍යාපෘතිය අවලංගු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම උපදේශන කටයුතු නතර කරන විට ව්‍යාපෘතියේ මූලික සැලසුම් 60%ක් අවසන්ව තිබුණු අතර විස්තර සැලසුම් 78%ක් අවසන්ව තිබුණා.

මාළඹේ දක්වා පාංශු පරීක්ෂණ මෙන්ම පූර්ව ශඛ්‍යතා අධ්‍යයනය අවසන්ව ඇති බවද සඳහන්.

ව්‍යාපෘතිය සදහා ඉඩම් අත්පත් කර ගැනීමද ආරම්භ කර ඇති අතර ඒ සදහා හදුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 22ක්.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසන්නේ බොහෝ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වී ඇති බවයි. එහෙත් අදාළ අත්පත් කර ගත් ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීමේ කටයුතු මෙතෙක් සිදු කර නැහැ.

සැහැල්ලු දුම්රිය සේවාව අවලංගු කිරීම හේතුවෙන් උපදේශන සේවා සදහා පත්කළ සමාගම ඉල්ලා සිටි ආලාභ හානි විශ්ලේෂණය කර ගත යුතු පියවර තීරණය කිරීමට ඇමති මණ්ඩලය සාකච්ඡා කමිටුවක් පත් කර ඇති අතර ජයිකා ආයතනය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලැබෙන ණය මුදලින් එය ගෙවීමට එකග වී තිබෙනවා. එහෙත් ලබාගෙන ඇති ණය මුදල සක්‍රීය වී නොමැති නිසා ගෙවීම් සිදු කළ නොහැකි වී ඇති බවයි ඇමතිවරයා පෙන්වා දුන්නේ.

  1. GON GOTTA KALA THAWATH GON WEDAK. CHEMICAL FERTILIZER EKAPARATAMA BAN KALA WAGEYI KALA BURU WEDAK. MUN CHINA BIO CHEMICAL FERTILIZER SHIP LOAD EKA BAN KARALA EYALAWA MASA GANAK PORT EKATA GANNE NATHIWA GAL KARALA THIYALA APAHU HARAWALA CHINA WALATA YAWWA. EKA DEWANI GON KAMA. EKE DOLLAR MILLION 6.9 MUN GASA KEWA. EXPRESS PEARL SHIP DISASTER EKEN LABUNA DOLLAR MEHE EANNE NATHIWAMA WENA RATAKA ACCOUNT ERALA DA GATHTHA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48