සැලසුම් කළ පරිදි සෞඛ්‍ය හෙට වර්ජනයේ

පෙර සැලසුම් කළ පරිදි හෙට (18) උදෑසන 07.00ට සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර අද (17) පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් එම තීරණය ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම වර්ජන කාලය තුළ සියලුම හදිසි සහ අත්‍යවශ්‍ය සේවා සපයන බවයි එම සංගමයේ සභාපති රවී කුමුදේෂ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

එමෙන්ම ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු රෝහල්වල හෙට දිනයේ දී මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවැසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51