සැමියා සහ පුත්‍රයා කුඩු විකුණා මාට්ටු වූ මාලිමා මන්ත්‍රිනිය ඉල්ලා අස්වෙයි

සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්දයෙන් මේ වනවිට ඊට අදාළ නීතිමය කටයුතු සිදුවෙමින් පවතිනවා.

සිදුවීමට අදාල දිස්නා නිරන්ජලා කුමාරි පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේ වී තේරී පත්වුනා.

ජාතික ජන බලවේග ආණ්ඩුව රටෙහි මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මේ සිදුවීම සමිබන්ධව ඇය පුද්ගලිකව දැඩි කම්පනයකට ලක් වී ඇති අතර නීතිමය කටයුතු සඳහා සහය දීමක් ලෙසද රටෙහි යහපත් දේශපාලන සංස්‍කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙන යන වැඩපිලිවෙලට සහයක් ලෙසටද සලකා ඇය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමුකිරීමට කටයුතු කර ඇති අතර එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්ට යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
8
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථයක් පොලිසියෙන් අල්ලයි
01:33
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38