spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සැමියා සහ දරුවන් නිවසේ සිටිය දී නිදි යහන තුළ දී බිරිඳ අභිරහස් ලෙස ඝාතනය කරලා

කැකිරාව, සෙක්කුපිටිය ප්‍රදේශයේ නිවසක රැඳී සිටි කාන්තාවක් පොල් උලකින් ඇණ අභිරහස් ලෙස ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.

අද (02) අලුයම් කාලයේ නිවසේ නිදියහන තුළ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, එම අවස්ථාවේ ඇයගේ සැමියා සහ දරු දෙදෙනා ද නිවසේ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ඝාතනයට ලක් වූ කාන්තාව 35 හැවිරිදි තැනැත්තියක්.

ඇයගේ ස්වාමිපුරුෂයා නිව් සිටි මුදලාලි නමින් ප්‍රදේශයේ හඳුන්වන අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පවුල මහනුවර – අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මීට වසර තුනක පමණ සිට කැකිරාව, සෙක්කුපිටිය ප්‍රදේශයට පැමිණ කුලී පදනම මත එම ප්‍රදේශයේ රැඳී සිට තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැමියා විසින් කැකිරාව පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
13
+1
5
+1
6
+1
22
+1
6
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?