spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සැමියා නැති සොවින් බිරිඳත් අවසන් ගමන් ගිහින්

තම සැමියා හෘදයාබාධයකින් මියයාම හේතුවෙන් බිරිඳ සිය දිවි නසාගැනීමේ පුවතක් වවුනියාව, නැදුන්කේනි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (18) පස්වරුවේ මෙම සිද්ධිය සිදු වී ඇති බවයි.

වව්නියාව, උතුරු නැදුන්කේනි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හෘදයාබාධයක් හේතුවෙන් නැදුන්කේනි රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ බිරිඳ සැමියාට අවශ්‍ය භාණ්ඩ රැගෙන යාම සඳහා යළි නිවසට පැමිණ තිබෙනවා.

ඒ අතරතුරදී සැමියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පුවත සැලවීමත් සමඟ බිරිඳ ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි වියේ පසු වූ රාමචන්ද්‍රන් රවීන්ද්‍රන් සහ ඔහුගේ බිරිඳ වන 49 හැවිරිදි රාමචන්ද්‍රන් ජෝතීස්වරි යන දෙදෙනායි.

මොවුන් දෙදෙනාට වයස අවුරුදු 18, 15 යන වයසේ පසුවන දරුවන් දෙදෙනෙකු සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නැදුන්කේනි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
11
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?