සැමියා නැති සොවින් බිරිඳත් අවසන් ගමන් ගිහින්

තම සැමියා හෘදයාබාධයකින් මියයාම හේතුවෙන් බිරිඳ සිය දිවි නසාගැනීමේ පුවතක් වවුනියාව, නැදුන්කේනි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (18) පස්වරුවේ මෙම සිද්ධිය සිදු වී ඇති බවයි.

වව්නියාව, උතුරු නැදුන්කේනි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හෘදයාබාධයක් හේතුවෙන් නැදුන්කේනි රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ බිරිඳ සැමියාට අවශ්‍ය භාණ්ඩ රැගෙන යාම සඳහා යළි නිවසට පැමිණ තිබෙනවා.

ඒ අතරතුරදී සැමියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පුවත සැලවීමත් සමඟ බිරිඳ ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි වියේ පසු වූ රාමචන්ද්‍රන් රවීන්ද්‍රන් සහ ඔහුගේ බිරිඳ වන 49 හැවිරිදි රාමචන්ද්‍රන් ජෝතීස්වරි යන දෙදෙනායි.

මොවුන් දෙදෙනාට වයස අවුරුදු 18, 15 යන වයසේ පසුවන දරුවන් දෙදෙනෙකු සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නැදුන්කේනි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57