සැමියා එල්ල කළ පිහි පිහිපහරින් ලක් කතක් රෝමයේදී මරුට

පවුල් ආරවුලක් නිසා මගමගදී සිය සැමියා එල්ල කළ පිහි ඇනුමකට ලක්වීමන් ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර , එම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ලාංකික සැමියා ද රෝම පොලීසිය  අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉතාලියේ විසූ 40 හැවිරිදි ලාංකික කාන්තාවක් වන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වන 49 හැවිරිදි ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආංරිචි මාර්ග කියා සිටී.

පෙරේදා (29) සවස 2.30 ට පමන රෝමයේ පොර්තුනීස් ( Portuense) ප්‍රදේශයේ මහ මගදි මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇතැයිද සදහන් වේ.

මහමගදි මෙම සැකකාර ලාංකිකයා විසින් ඇයගේ බිරිඳට සිදු කළ මාරාන්තික පිහි ඇනුමෙන් ඇය මාර්ගයේ ඇද වැටී ඇති අතර , ඇයගේ තත්ත්වය බරපතල වූ නිසා මාර්ගයේ ගමන් ගත් පිරිස් ගිලන් රථ කැදවා ඇයව රෝමයේ සෙන්ට් කැමිල්ලෝ ( S. Camillo )රෝහල වෙත පිටත් කර යවා ඇත.

රෝහලට ගෙන යන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇයව හදිසි ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු යොදා තිබුණද ඊට පෙර ඇය මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඇයට පිහි පාරවල් කිහිපයක් එල්ල කර ඇති අතර බඩට එල්ල වී තිබු මාරාන්තික පිහි පාරවල් 2 ක් නිසා ඇය මිය ගොස් තිබෙන බව සදහන් වේ.

ඔවුන් දෙදෙනා මහා මාර්ගයේ බහින්බස් වෙමින් ගමන් ගත් බවත්, ක්ෂණිකව ඔහු විසින් පිහියක් ගෙන ඇයට එල්ල කල බවත් මහාමාර්ගයේ ගමන් ගත් අය රෝම පොලිසියට පවසා තිබේ. පොලිසිය එතනට පැමිණෙන විටත් ඔහු එම පිහිය අත දරා සිටි බවද පොලිසිය සදහන් කරයි.

මේ වන විට මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණයකට සූදානම් කර ඇති අතර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

7qESHujGizc 1
96084917 914988718949198 683869723938521088 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09