තම සිරුරට ගිනි ඇවිළීමෙන් හයමස් ගැබිනියක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ යාපනය – වාසවිලාන් දකුණ ප්‍රදේශයෙන්.
ඇය දැඩි පිළිස්සුම් තුවාල මැද යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත්තේ ඊයේ (16) දිනයේදී බවටයි වාර්තා වන්නේ.
අදාළ කාන්තාව සිය ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ ආරවුලකින් අනතුරුව පෙබරවාරි මාසයේ 20 වැනි දින සිරුරට ගිනි තබාගෙන අසාධ්‍යය ව රෝහල්ගත කෙරුණා.
මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (17) යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් පලාලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.













