සැප රියෙන් පැමිණ මංකොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට(ඡායාරූප)

බකමූණ ඇලහැර ප්‍රදේශයේදී තරුණියක ගෙල බැඳී පවුමකට ආසන්න රන් මාලයක් පැහැරගෙන යමින් සිටි හතරදෙනෙකුගෙන් යුත් කල්ලියක දෙදනෙක් බකමූණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

24 හැවිරිදි තරුණියක් අද උදෑසන ඇඟලුම් කම්හලක සේවයට යෑම සදහා නිවසේ සිට ඇලහැර මංසන්ධියට පැමිණ ඇති අතර
එම අවස්ථාවේ මෝටර් රථයකින් පිරිමි පුද්ගලයෙක් රථයෙන් බිමට බැස තරුණියගෙන් ලිපිනයක් විමසා තිබෙනවා.

අනතුරුව එම විමසීම අතරතුර ගෙල බැදි රන් මාලය කඩාගෙන පලාගිය බවයි තරුණිය පවසන්නේ.

මෙම මෝටර් රථය තුළ කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් තිදෙනෙක් සිටි බව ද ඇය පැවසුවා.

පසුව තරුණිය මේ පිළිබඳව බකමූණ පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මංකොල්ලය සිදු කළ කණ්ඩායම සොයා මෙහෙයුමක් දියත් කළ අතර එහිදී සැකකරුවන් පැමිණි රථය හීරටිය රක්ෂිතයට යාබද කැලෑ රොදක සඟවා තිබියදී සොයා ගෙන තිබුණා..

වාහනය සඟවා තිබූ ස්ථානයට ආසන්න ස්ථානයක සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා හා රන් මාලය සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2023 03 13 at 16.59.12
WhatsApp Image 2023 03 13 at 16.59.10 1
van


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28