spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සැප රියෙන් පැමිණ මංකොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට(ඡායාරූප)

බකමූණ ඇලහැර ප්‍රදේශයේදී තරුණියක ගෙල බැඳී පවුමකට ආසන්න රන් මාලයක් පැහැරගෙන යමින් සිටි හතරදෙනෙකුගෙන් යුත් කල්ලියක දෙදනෙක් බකමූණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

24 හැවිරිදි තරුණියක් අද උදෑසන ඇඟලුම් කම්හලක සේවයට යෑම සදහා නිවසේ සිට ඇලහැර මංසන්ධියට පැමිණ ඇති අතර
එම අවස්ථාවේ මෝටර් රථයකින් පිරිමි පුද්ගලයෙක් රථයෙන් බිමට බැස තරුණියගෙන් ලිපිනයක් විමසා තිබෙනවා.

අනතුරුව එම විමසීම අතරතුර ගෙල බැදි රන් මාලය කඩාගෙන පලාගිය බවයි තරුණිය පවසන්නේ.

මෙම මෝටර් රථය තුළ කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් තිදෙනෙක් සිටි බව ද ඇය පැවසුවා.

පසුව තරුණිය මේ පිළිබඳව බකමූණ පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මංකොල්ලය සිදු කළ කණ්ඩායම සොයා මෙහෙයුමක් දියත් කළ අතර එහිදී සැකකරුවන් පැමිණි රථය හීරටිය රක්ෂිතයට යාබද කැලෑ රොදක සඟවා තිබියදී සොයා ගෙන තිබුණා..

වාහනය සඟවා තිබූ ස්ථානයට ආසන්න ස්ථානයක සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා හා රන් මාලය සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2023 03 13 at 16.59.12
WhatsApp Image 2023 03 13 at 16.59.10 1
van
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?