සැත්කම් කිරීම අත්හිටුවා තියෙන්නෙ අදාල බළධාරීන් දැනුවත් කර නොවෙයි

පේරාදෙණිය රෝහලේ සාමාන්‍ය සැත්කම් අත්හිටුවීමට තීරණයක් ගෙන ඇති බව කිසිදු විටෙක සෞඛ්‍ය අමාත්‍යංශය, ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යංශය හෝ වෛද්‍ය සැපයීම් ඒකකය දැනුවත් කර නොමැති බවද ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමෙන්ම විදේශ විනිමය ගැටළුවක් පවතින අවස්ථාවේ රජයේ රෝහල් සඳහා අඛණ්ඩව ඖෂධ සැපයීමට වැඩිය සැපයීම් ඒකකය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව දැඩි වෙහෙසකර කටයුත්තක නියැළී සිටින බවද අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

නියෝස්ටිග්මින් ඖෂධයේ මිලිග්‍රෑම් 0.5 කුප්පි වෛද්‍ය සැපයීම් අංශ සතුව ඇති බවත් එහි අනෙකුත් මාත්‍රා තවත් දින තුනකින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යංශය අදාළ නිවේදනය මගින් පෙන්වාදෙයි.වැඩිදුරටත් දැක්වෙන්නේ පේරාදෙණිය රෝහල වෙත මේ වනවිටත් නියෝස්ටිග්මින් ඖෂධයේ මිලිග්‍රෑම් 0.5 කුප්පි සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

මේ අතර රෝහලක යම් ඖෂධයක් හෝ වෛද්‍ය උපකරණ හිඟයක් පවතී නම් ඒ පිළිබඳව වෛද්‍ය සැපයීම් අංශය වෙත දැනුම් සඳහා “ඔසු දිරිය” නම් පැය 24ම ක්‍රියාත්මක වන දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් ද ක්‍රියාත්මක බව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වාදෙයි.

WhatsApp Image 2022 03 29 at 4.44.26 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33