සැණකෙළියේ හමු වූ හිතවතිය සොයා ගිය තරුණයාට අමතක නොවන පාඩමක්

දින කිහිපයකට පෙර හිතවත් වූ තරුණියක් හමුවීම සඳහා පැමිණි අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු ඉතා සූක්ෂම ලෙස මිල්ලනිය ප්‍රදේශයට ගෙන්වාගත් තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් ඔහු පාළු නිවසකට රැගෙන ගොස් ගෙල බැඳි රන් මාලය ඇතුළු දේපළ රැසක් කොල්ල කෑමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

කොල්ල කෑ දේපල අතර පවුම් දෙකක් පමණ බර රන් මාලය, ස්මාර්ට් ජංගම දුරකථනය, යතුරුපැදිය හා මුදල් පසුම්බිය වන බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා කුරුණෑගල අලකොලදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මීට මාසයකට පමණ ඉහතදී හොරණ ප්‍රදේශයේ ආයතනයක අළෙවි පවර්ධන නිලධාරියෙකු ලෙස සේවය සඳහා පැමිණ තිබෙනවා.

පසුගිය 21 වනදා හොරණ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනට සමගාමීව වෙළෙඳ කුටියක් අරඹා එම වෙළඳ කුටියේ ප්‍රදර්ශන කටයුතුවල නිරත වන අවස්ථාවේදී අසළ වෙළඳ කුටියේ සිටි තරුණියක් සමග හිතවත්කමක් ඇති කරගෙන තිබූ බව සඳහන්.

එම හිතවත්කම මත එම ස්ථානයේ සිටි ඇයගේ ඥාතිවරයෙකු ද හඳුනාගෙන තිබූ අතර එම පුද්ගලයා අලෙවි ප්‍රවර්ධන නිලධාරියාගේ දුරකථනයට ඇමැතුමක් ගෙන තරුණිය හමුවීම සඳහා මිල්ලනිය ප්‍රදේශයට පැමිණෙන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

ඒ අනුව අලෙවි ප්‍රවර්ධන නිලධාරියා මිල්ලනියට ගොස් ඇය බැලීමේ අරමුණින් දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයාට ද තම යතුරු පැදියේ පිටුපස නංවාගෙන ගමන් කරමින් සිටියදී පිටුපස සිටි පුද්ගලයා ඔහුගේ ගෙළට පිහියක් තබා ඔහු කියන ස්ථානයට යා යුතු බවට පවසා තර්ජනය කර තිබූ බව හෙළිවී තිබෙනවා.

එලෙස මද දුරක් යද්දී තවත් යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර මිල්ලනිය ප්‍රදේශයේ රබර් වත්තක පිහිටි පාළු නිවසකට ඔහු රැගෙන ගොස් පහර දී පැළඳ සිටි රන් මාලය ඇතුළු අනෙකුත් දේපළ කොල්ලකා ඔහුගේම යතුරුපැදියෙන් හොරණ නගරයට ඇරලවා පළා ගොස් ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

අනතුරුව අලෙවි ප්‍රවර්ධන නිලධාරියා හොරණ මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන දිනකට පසු රෝහලෙන් පිටවී මිල්ලනිය පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර තිබෙනවා.

අදාළ පැමිණිල්ල ලැබුණු වහාම ක්‍රියාත්මක වූ මිල්ලනිය පොලිසියේ නිලධාරීන් තරුණියගේ නිවස සොයා ගොස් සිදු කළ සොයා බැලීමේදී ඇය මේ පිළිබඳ කිසිවක් නොදන්නා අතර ඇයගේ ඥාතියා වන ප්‍රධාන සැකකරු ප්‍රදේශය හැර පලාගොස් ඇති බවටයි ද පොලිසියට හෙළිවී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14